හීටරයක් ස්පර්ශ වී කාන්තාවක් මියගිහින්

ඊයේ (30) රාත්‍රී කාලයේ බොක්කාවල පොලිස් වසමේ රඹුකේවෙල ප්‍රදේශයේ කාන්තාවකට විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර, රඹුකේවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම කාන්තාවට විදුලිය සහිත හීටරයක් ස්පර්ශ වීමෙන් විදුලි සැර වැදී මියගොස් ඇති බවයි දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

බොක්කාවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්