හිස්බුල්ලා වෙත එල්ල කළ මාරාන්තික ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය ප්‍රීතියෙන්

හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව එල්ල කළ ප්‍රහාරයේ ප්‍රගතිය සම්බන්ධයෙන් සමාලෝචනය කර ඇති ඊශ්‍රායලය ඒ පිළිබඳ ව සිය සතුට දැඩිව ප්‍රකාශ කර ඇති බවට වාර්තා වනවා.

බීබීසී පුවත් සේවය පැවසුවේ; එය ආයුධ සන්නද්ධ පේජර් සහ රේඩියෝ පුපුරුවා හැරීමෙන් ආරම්භ වී පසුව ගුවන් ප්‍රහාර දක්වා තීව්‍ර වූ බවටයි.

ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය Yoav Gallant පවසා ඇත්තේ මෙම සතිය තමන්ට විශිෂ්ට ලෙස ගෙවුණු සතියක් වූ බවත් හිස්බුල්ලා සංවිධානය පිහිටවීමෙන් පසුව ඔවුන්ට උදා වූ නරකම සතිය මෙය ලෙසට මතක් කරදීමට හැකි වීම ම සතුටක් බවටයි.

හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් බේරා ගැනීමට ගත හැකි සෑම වෑයමක් ම ඔවුන් ගත් බව ද හෙතෙම පවසා තිබෙනවා.

මෙම ක්‍රියාවලියේදී ලෙබනනය පවසන්නේ ඊශ්‍රායලය සිය පුරවැසියන් 550කට වැඩි ප්‍රමාණයක් මරා දැමූ බවත්, ඒ අතර ළමුන් 50ක් ද සිටින බවයි.

එය 2006 දී ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර මාසයක යුද්ධයකින් ලෙබනනයේ මියගිය ප්‍රමාණයෙන් අඩක් පමණ වන බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ ගැටුමේ ඇසින් දුටු රැඳවියාගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:25
Video thumbnail
දරුවන් ඇතුළු සියලු දෙනාට Ceylon Green Life Plantation වගාබිම් නැරඹීමේ හැකියාව හැමෝටම විවෘත වෙයි
01:52
Video thumbnail
ප්‍රභාටත් කරගන්න බැරිවෙච්ච වැඩේ මේ ආණ්ඩුව කරන්න හදනවා
08:40
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි.. ළඟ ළඟ වාඩිවෙලා ඉන්න හැටි
01:02
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා - විදුලිය කපන්නේ නෑ
04:47
Video thumbnail
අවුරුදු 4ක පුංචි දරුවෙක්ව පාළු පාරක දාලා ගිය හැටි මෙන්න
01:08
Video thumbnail
අධිකරණ කටයුතු වේගවත් වෙන්නේ නෑ - කවුරුත් ඉල්ලපු නැති දෙයක් කරන්නේ
02:57
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11