හිසතෙල් ගෑමේ මංගල්‍යය අදයි – රාජ්‍ය උත්සවය සෙංකඩගල දී

මෙවර සිංහල හා ද්‍රවිඩ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ නැකත අද (16) යෙදී තිබෙනවා.

එය අද පෙරවරු 09.04ට යෙදෙන සුබ මොහොතින් සිදු කෙරෙනු ඇති.

කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන්පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි බවයි නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ.

මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.