හිරිහැර ඉවසාගත නොහැකිව ළමා නිවාසයකින් ළමයින් තිදෙනෙක් මහ රෑ පලායයි

පයාගල පොලිස් වසමට අයත් මග්ගොන ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රසිද්ධ ළමා නිවාසයක පරිවාස භාරයේ සිටි පිරිමි ළමයින් තිදෙනෙකු ඊයේ (19) රාත්‍රියේ එම ළමා නිවාසයෙන් පලාගොස් තිබෙනවා.

එලෙස පලා ගොස් ඇත්තේ වයස අවුරුදු 15,14 යන වයස්වල පසුවූ ළමයින් තිදෙනෙක්.

මෙම ළමයි තිදෙනා ළමා නිවාසයේ සිට කිලෝමීටර් 03ක පමණ දුරක් පයින් ගමන් කරමින් සිටිය දී කපුගොඩ ප්‍රදේශයේ දී ප්‍රදේශවාසීන් විසින් දැක ඇති අතර, එහිදී ඇති වූ සැකය මත එම ළමුන් තිදෙනාගෙන තොරතුරු විමසා තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ළමා නිවාසයෙන් පලා යන බවයි.

ළමා නිවාසයේ දැඩි හිංසනය මත එය ඉවසා දරාගත නොහැකිව ළමා නිවාසයෙන් පලා යෑමට මෙලෙස තීරණය කළ බවයි එම ළමුන් තිදෙනා වැඩිදුරටත් පවසා ඇත්තේ.

අනතුරුව ප්‍රදේශවාසීන් මෙම ළමයි තිදෙනා පිළිබඳව පයාගල පොලිසියේ ස්ථානාධිපතිතුමා දැනුවත් කිරීමෙන් අනතුරුව පයාගල පොලිසිය විසින් මෙම දරුවන් පොලිස් භාරයට ගෙන තිබෙනවා..

පොලිස් භාරයට ගත් ළමයින් තිදෙනා අද (20) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සුදුසු ක්‍රියාමාර්ග ලබාගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57