නවගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක දී හිමිනමකට සහ කාන්තාවන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා ඊයේ (07) දිනයේ දී අත්අඩංගුවට ගත් බවයි නවගමුව පොලිසිය සඳහන් කළේ.
එලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා අද (08) දිනයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.
අදාළ සිදුවීම දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
17
+1
67
+1
12
+1
22
+1
12
+1
23














