හිමිකරුවෙක් නොමැති සුප්‍රකට මල්වානේ පිහිටි ඉඩම අන්තරේ ඇවිත් වටලයි (වීඩියෝ)

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන තුළ පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීමේ ගැටලුව නිසා සිසුන් විවිධ ආකාරයේ පීඩාවන්ට සිටින බැවින් එම ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙස පසුගිය කාලය මුලුල්ලේ අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියත් මේ වනතුරු ඒ සඳහා නිසි පිළිතුරු ලැබී නොමැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තීරණාත්මක පියවරක් අද (14) දින සිට ආරම්භ කරන බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය දැනුම්දෙනවා.

හිමිකරුවෙක් නොමැති ඉඩමක් ලෙස ප්‍රකට වූ මල්වානේ පිහිටි අක්කර 16ක ඉඩම ඇතුළු ජනතාවගෙන් සොරාගත් බව කියන දේපල, ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා සහ පොදු ජනතා පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සූදානම් කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම විරෝධතා ක්‍රියාමාර්ගය, අද (14) පස්වරු 2.00ට මල්වානේ ඉඩම සහ නිවස පිහිටා ඇති ස්ථානයේ දී ආරම්භ කරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු, සසිඳු පෙරේරා පවසනවා.

ඒ අනුව මේ වන විට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පිරිසක් එම ස්ථානයට ගොස් විරෝධතාවයේ නිරත වන අතර ඒ අවට පොලිස් ආරක්ෂාවක්ද සපයා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
12
+1
2
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38
Video thumbnail
ත්‍රිකුණාමලය නාවික හමුදාව, ගුවන් හමුදාව හදිසියේම කළ මෙහෙයුම - දැක්කමත් පුදුමයිනේ ?
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් - කාල#න්නි ධීවර ඇමතියා - අපි ඉපදුණු ගෙවල් අම්මේ
03:34
Video thumbnail
උතුරු,නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරන්න උපරිම ක්‍රියාමාර්ග - ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාව
01:59