‘හිමාලයා ප්‍රකාශනය’ ජනපතිට පිළිගන්වයි

යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසඳයේ ස්වාමීන්වහන්සේලා පිරිසක් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ සාමාජිකයින් පිරිසක් ඊයේ (07) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුව තිබෙනවා.

එහිදී ප්‍රජා සුභසාධනයට ප්‍රමුඛත්වය ලබාදෙන බහුත්වවාදී ශ්‍රී ලංකාවක් ප්‍රවර්ධනය කරමින් උගත් පාඩම් හරහා වගවීමේ වැදගත්කම අවධාරණය කරනු ලබන “හිමාලයා ප්‍රකාශනය” ජනාධිපතිවරයා වෙත පිළිගන්වීම සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජාතීන් අතර සංහිඳියාව හා ප්‍රතිසංධානය, ප්‍රජා සුබසාධනය සහ සංවර්ධනය කේන්ද්‍රකර ගත් ප්‍රධාන කරුණු 06ක් “හිමාලයා ප්‍රකාශනයට” ඇතුළත්.

මෙම ප්‍රකාශනය ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් අනතුරුව ඒ පිළිබඳ ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්වහන්සේලා සමඟ සාකච්ඡා කරන බවත්, අනෙකුත් ආගමික නායකයින් ද මේ පිළිබඳ දැනුවත් කරන බවත් යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා මෙහිදී සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේ වසර ගණනාවක් යුද්ධයෙන් පිඩා විඳී ශ්‍රී ලාංකීය ජනතාව පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ද මහත් පීඩාවකට මුහුණ දුන් බවයි.

නමුත් ආර්ථික අර්බුදය හමුවේ ජනතාව ඉන්ධන පෝලීම්වල මාස කිහිපයක් පමණක් මුහුණ දුන් කටුක අත්දැකීම්වලට උතුරු නැගෙනහිර ජනතාව වසර ගණනාවක් තිස්සේ මුහුණ දුන් බවද ජනාධිපතිවරයා සිහිපත් කළා.

නව රටක් ගොඩනැගීමේ දී නව ආර්ථිකයක් අවශ්‍ය බවත් එහිදී “හිමාලයා ප්‍රකාශනය” වැනි ප්‍රකාශන වැදගත් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එකමුතුකම සහ ස්ථාවරත්වයක් නොමැතිව රටේ ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවද පැවසුවා.

උතුර සහ නැගෙනහිර පළාත් සංවර්ධනයට බලපෑ ගැටළු විසදීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවල යහපත් ප්‍රගතියක් ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද කරුණු පැහැදිළි කර සිටියා.

උතුරු නැගෙනහිර සහ වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම එම පළාත් කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන් සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳවද ජනාධිපතිවරයා අදහස් දක්වනු ලැබුවා.

ඒ, අනුව පුනරින් නගරය ඉදිරියේදී පුනර්ජනීය බලශක්ති කේන්ද්‍රස්ථානය බවට පත්වන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නා.

රට ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදි ප්‍රසාදය පළ කළ ගෝලීය ද්‍රවිඩ සංසදයේ නියෝජිතයන් ඊට තම පුර්ණ දායකත්වය ලබාදෙන බව සඳහන් කළා.

එමෙන්ම “හිමාලයා ප්‍රකාශනය” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය තුළ එළිදැක්වීමට ලැබීම පිළිබඳව ද ඔවුහු සිය සතුට පළ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06