හින්දූන්ගේ විරෝධතාව

රැකියා කෝටා ක්‍රමයට එරෙහිව ආරම්භ වූ බංග්ලාදේශයේ ශිෂ්‍ය විරෝධතා පසුව ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ බවට පරිවර්තනය වුණා.

එහි ප්‍රතිඵලය වූයේ අගමැති ෂීක් හසීනාට අගමැති ධුරය ද අහිමි වීමයි.

අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ෂීක් හසීනා ඉන්දියාවට පලා ගියා.

ඉන් අනතුරව ඇය පළමුවරට මෙම සිද්ධීන් සම්බන්ධයෙන් අදහස් පල කරමින් නිකුත් කළ පණිවුඩයක් ද ඉකොනොමික් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

“මම ඉල්ලා අස්වුනේ මට මළකඳන් පෙරහැර බලන්න වෙන්නේ නැති වෙන්න. එයාලට ඕන වුණේ ශිෂ්‍ය මළ සිරුරු උඩින් බලයට එන්න. නමුත් මම ඒකට ඉඩ දුන්නේ නැහැ. මම අගමැතිකමෙන් ඉල්ලා අස්වුණා,” යනුවෙන් ෂීක් හසීනා උපුටා දක්වමින් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ශාන්ත මාටින් දූපතේ ස්වෛරීභාවය යටත් කර ඇමරිකාවට බෙංගාල බොක්ක පාලනය කිරීමට ඉඩ දුන්නේ නම් තමන්ය බලයේ රැඳී සිටින්ට අවස්ථාව තිබුණු බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

හසීනා බලයේ සිටින විට වොෂින්ටනය සහ ඩකා අතර කලක සිට ආරවුලක් පැවතුණා.

ජනවාරි මාසයේ දී ෂීක් හසීනා අඛණ්ඩව සිව්වන වරටත් ජයග්‍රහණය කළ විට ඡන්ද විමසීම් නිදහස් හා සාධාරණ නොවන බව පවසමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රතිඵල පිළිනොගත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණා.

මේ අතර ෂීක් හසීනා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වී ඉන්දියාවට පලා යාමෙන් පසු හින්දු ප්‍රජාවට එල්ල වෙමින් පවතින ප්‍රහාරවලට එරෙහිව බංග්ලාදේශයේ විරෝධතා ආරම්භ වී තිබෙනවා.

බංග්ලාදේශයේ ප්‍රධාන නගර වන ඩකා සහ චිතගොංහි පැවති රැළි සඳහා බොහෝ පිරිසක් එක්ව සිටි බව සඳහන්.

ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් බංග්ලාදේශයේ සුළුතර ප්‍රජාවන්ගේ සාමාජිකයින් අගෝස්තු 5 වැනිදා හසීනාගේ නායකත්වයෙන් යුත් රජය බිඳවැටීමෙන් පසු දිස්ත්‍රික්ක 52 ක් පුරා ප්‍රහාර 205 කට වැඩි ගණනකට මුහුණ දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සිය ගණනක් හින්දු භක්තිකයින්ගේ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන වලට පහරදී විනාශ කර ඇතැයි පැවසෙනවා.
හින්දු කෝවිල් කිහිපයක් ද විනාශ කර ඇති අතර අවාමි ලීගයට සම්බන්ධ හින්දු නායකයින් දෙදෙනෙක් ගැටුම්වල දී මියගොස් තිබෙනවා.

ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා වීම සඳහා දහස් ගණනක් බංග්ලාදේශ හින්දු ජනතාව අසල්වැසි ඉන්දියාවට පලා යාමට උත්සාහ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සුළු ජාතීන්ට හිංසා කරන්නන් පිළිබඳ නඩු විභාග කඩිනම් කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවීම, සුළු ජාතීන්ට පාර්ලිමේන්තු ආසන සියයට 10ක් වෙන් කිරීම සහ සුළු ජාතීන් ආරක්‍ෂා කිරීමේ නීතියක් ගෙන ඒම විරෝධතාවල නිරත හින්දූන්ගේ මූලික ඉල්ලීම් වනවා.

සිසුන් ඇතුළු දහස් ගණන් මුස්ලිම් විරෝධතාකරුවන් ද සුළු ජාතීන් වෙනුවෙන් සහයෝගීතාවය ප්‍රකාශ කරමින් විරෝධතා රැළි සඳහා එක්වුණා.

මීට අමතරව එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ ද එවැනිම රැලි සංවිධාන කර තිබුණා.

බංග්ලාදේශයේ අන්තර්වාර නායක මුහම්මද් යුනුස් විසින් ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් ජාතියේ සුළුතර ප්‍රජාවන්ට එරෙහි ප්‍රහාර හෙළා දුටු අතර ඒවා “නීච” විරෝධතා ලෙස ඔහු හඳුන්වනු ලැබුවා.

නොබෙල් ත්‍යාගලාභී යුනුස්, විරෝධතාවල ඉදිරිපෙළ ක්‍රියාකාරී සිසුන්ගෙන් ඉල්ලා සිටියේ සියලුම හින්දු, ක්‍රිස්තියානි සහ බෞද්ධ පවුල් ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා කරන ලෙසයි.

බංග්ලාදේශ ජනගහනයෙන් සියයට 8ක් හින්දූන් වනවා.

ඔවුන් ප්‍රධාන වශයෙන් ෂීක් හසීනාගේ අවාමි ලීගයට සහාය දැක්වූවන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55