හිතට අවංකවම පොලිස් රැකියාව කරන්න බැරි නිසා, පණ සේ ආදරය කළ ඒ රැකියාවට තිත තබන්න සැරසුණු පොලිස් නිලධාරියාට බිරිඳ දුන් පිළිතුර

ජීවිතේ අපිට ඉතුරු වෙන්නේ කරපු හොඳ විතරයි. තවත් කෙනෙකුට පීඩාවක් කරලා, කෙනෙකුගේ දෙයක් උදුරගෙන ලැබෙන සතුට බොහෝම තාවකාලිකයි. අපි කොතනක මොන විදිහේ රැකියාවක් කළත් ඒ රැකියාවට අවංක වෙන්න ඕනේ.. ඒ වගේම ආදරේ වෙන්න ඕනේ.සමහර වෙලාවට මනුස්සකමත් මේ රැකියාව එක්ක ගලාගෙන යන්න ඕනේ.

අපි මේ විදිහේ කතා ටිකක් ගැන කියන්න හිතුවේ අහන්න ලැබුණු අපූරු සිදුවීමක් නිසයි. පොලිසිය.. මේ දවස්වල පොලිසිය ගැන කියපු ගමන්ම මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන්නේ හොඳ ආකල්පයක්නම් නෙවෙයි. ඒකට හේතුව තමහි සමහරක් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය.ඇතමුන් දේශපාලකයන්ට යටවෙනවා.. තවත් අය දූෂිතයන්ට යටවෙනවා. ඒ පෞද්ගලික වාසි, ලාබ සහ ප්‍රයෝජන නිසා.හැබැයි සමහර වෙලාවට අපිට හිතට අවංකවම තමන්ගේ රැකියාව කරන්න බැරිනම් ඒ රැකියාවෙන් ගෞරවාන්විතව අයින් වෙන එක හොඳයි.

මොකද සමාජයට රටට, මිනිස්සුන්ට අවැඩක් වෙනවනම් ඒ රැකියාව කරලා වැඩක් නෑ. ඒ විදිහට පොලිස් නිලධාරියෙක් තමන් පණ වගේ ආදරය කරපු පොලිස් රැකියාවට තිත තබන්න සූදානම් සටහනක් තබලා තිබුණා. ඒ මේ විදිහට.. ආදරය කරන රස්සාව අතහරින්න කාලය හරි වගේ. ඒ අදහසට ඔහුගේ ආදරණීය බිරිඳත් හරි අපූරු සටහනක් තබා තිබුණා.

රැකියාව මුදල මත ආදරය තීරණය වෙන සමාජයක තමන්ගේ ආදරණීය සැමියා හිතට යටත්ව රැකියාව කරන්න බැරි නිසා තැබූ ඒ සටහනට මේ විදිහට බිරිඳ පිළිතුරු ලබාදී තිබුණා.ඕන දේකට මම ඉන්නවා.. රස්සාවක් නෑ කියලා මිනිස්සු සැලුනද ඒයි.. යනවානම් කියන්න ගෝල්ෆේස් පැත්තේ මම ඇති එකෙන්ම එතන. අතපය හතර තාම හොඳට හයිය නම් මහ පොලවට හරි ඔට්ටු වෙමු මැණික..

c3921d29 8f4b 44a5 8b7c 496767946fe2
0a6e2c59 8352 4e9e b25e 7eec2ca89189
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
123
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙමව්පියොයි, කෝච්ලයි එකතුවෙලා පිට්ටනියේ හිටිය ළමයිට ගුටි පූජාවක් දීලා..රෝහලට ගෙනියද්දි උණුසුම්
02:17
Video thumbnail
අපිට ඩොලර් පුච්චන්න අයිතියක් නෑ - අත් කහ වෙනකල් වැඩ කරලා එවන ඩොලර් මේ
06:21
Video thumbnail
ජනපති ඉදිරියේම ඉල්ලා අස්වීමට හේතුව කිව්ව කපිල.."මම කැමති වුණේ නෑ කාටවත් මඩ ගහන්න ආයුධ දෙන්න"
04:11
Video thumbnail
ඉල්ලා අස්වුණු ලේකම් කපිල පෙරේරාට බිමල් දුන්න තෑග්ග.. ආචාර කරලා තෑග්ග ගත්ත හැටි
00:46
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බන්ධනාගාර නියාමකවරයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
00:59
Video thumbnail
දායකයොත් එපා කියද්දිම පන්සලේ හාමුදුරුවෝ කරපු වැඩේ..අවුකන පිළිමයට පමණක් දෙවෙනි වූ ශෛලමය පිළිමය
09:23
Video thumbnail
ගම්බිම් බලා යාමට විශාල ජන ගඟක් මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇදෙයි..දිගු පෝළිම්වල ඉන්න හැටි
02:05
Video thumbnail
"හමුදාවේ බලය පෙන්නලා මට සද්ද දැම්මා"පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තේ නැත්තම් මං ගැන බලාගන්නම් කිව්වා
03:18
Video thumbnail
අපේ සමාජයට අවශ්‍යයයි නව හර පද්ධතියක් - ඊළඟ සමාජයේ හැඩරුව තීරණය කරන්නේ තරුණ පරපුර
07:08
Video thumbnail
ජනපති, මත්ද්‍රව්‍ය ගැන කළ ප්‍රබල හෙළිදරව්ව - තරුණයන් ඉදිරියේ විනාශකාරී දොරටුවක් තියෙනවා
06:27