හිටපු මන්ත්‍රී අනවසර විදුලි රැහැනක ගැටී මරුට

මධ්‍යම පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු වන මයිකල් ඇකියුලස් සිල්වා අනවසර විදුලි රැහැනක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තම ගෙවත්තේ වගා කර තිබු එළවළු වගාව ආරක්ෂා කර ගැනීම සඳහා ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් ඔහු මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සහ 2023 ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස නුවරඑළිය ප්‍රාදේශීය සභාවට තරග වැදීමට නාමයෝජනා ලබා දී සිටි ප්‍රාදේශීය සභා කණ්ඩායම් නායක හා ජනතා විමුක්ති පෙරමුණේ විධායක කමිටු සාමාජික මයිකල් ඇකියුලස් ද සිල්වායි.

62 හැවිරිදි ඔහු එක්දරු පියෙක්.

නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු තම එළවළු වගාවට වන සතුන්ගෙන් සිදු වන හානි අවම කර ගැනීම සඳහා ඔහු විසින්ම නිවසින් විදුලිය ලබාගෙන සවි කළ විදුලි වැටෙහි ඔහුගේ අත් පැටලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි මරණය සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කළ නුවරඑළිය පොලිසිය ප්‍රකාශ කළේ.

මෙය නිවසේ ප්‍රධාන විදුලි පුවරුවේ සිට වයරයක අධාරයෙන් කම්බි වෙත සෘජුවම විදුලිය සම්බන්ධ කෙරුණු විදුලි රැහැනක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්වූ හිටපු මන්ත්‍රීවරයාගේ වගා බිමේ සේවය කරන අයෙකු කියා සිටියේ ඊයේ උදෑසන සිට මයිකල් ඇකියුලස් මහතාගේ නිවසේ දොර ඇරී තිබියදී ඔහුගේ දුරකථනය නාද වන නමුත් පිළිතුරු නොදැක්වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගේ සහයෝගයෙන් සමග සොයා බැලීමේදී ඔහුගේ සිරුර හමුවූ බවයි.

මේ පිළිබඳව නුවරඑළිය පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය පැමිණ විදුලි සැර වැදී තිබූ අදාළ විදුලි රැහැන් විසන්ධි කර තිබෙනවා.

මයිකල් ඇකියුලස් මහතාට විදුලි සැර වැදි ඇත්තේ ඊයේ (02) දින උදෑසන වන්නට ඇති බවටයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑළිය පොලිසිය සැක පළ කරන්නේ.

හිටපු මන්ත්‍රීවරයා මියගොස් සිටි ස්ථානයේම ඔහුගේ දෑතේ තම ගෙවත්තෙන් නෙලා ගත් ස්ට්‍රෝබෙරි කිහිපයක් ද තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා.

මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් විසින් පැවැත්වු අතර, එහිදී නියෝග කර සිටියේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.

මිය ගිය හිටපු මන්ත්‍රීවරයා විදුහල්පති ශ්‍රේණියේ ගුරුවරයෙකු වන අතර දේශපාලන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමේ අභිලාෂයෙන් ගුරු වෘත්තියට සමුදී දේශපාලන ක්‍රියාකාරිකයෙකු වශයෙන් කටයුතු කළ අයෙකු බව සඳහන්.

සක්‍රීයව දේශපාලන කටයුතු සිදු කළ අයෙකු වූ ඔහු තම පුත්‍රයා විදේශ ගතවීමෙන් පසුව මේ වන සිය නිවසේ තනිවම ජීවත්ව තිබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු (05) අඟහරුවාදා දින සිදු කරන බවයි පවුලේ ඥාතීන් සඳහන් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56