හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දනව පැය 72ක් රඳවා ගෙන ප්‍රශ්න කරයි

ගිනි අවියක්, ජීව අත් බෝම්බයක් සහ ජිව උන්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිගෙන් පැය 72ක රැඳයුම් නියෝග මත ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.

සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පිළියන්දල, මාම්පේ පිහිටි නිවස සඳහා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත පොලිසිය විසින් ඊයේ (16) දිනයේ දී මන්ත්‍රීවරයාගේ නිවාස පරික්ෂාවට කලක් කරනු ලැබුවා.

එහිදී විදේශයක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 වර්ගයේ මැගසීන් දෙකක්, එම වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ 221ක්, එයිටි ෆෝ එස් වර්ගයේ ජීව උණ්ඩ 31ක්, රිවෝල්වර සඳහා භාවිත කරන 2.2 වර්ගයේ ජීව උණ්ඩ 103ක් නිවසේ තිබී පොලිසියට සොයා ගැනීමට හැකිවුණා.

අත්අඩංගුවට ගත් 65 හැවිරිදි සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21