spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ දරුවන් ජනපති හමුවෙයි

නිට්ටඹුව ප්‍රදේශයේ දී ඉකුත් මැයි 09 වනදා සිදුවූ සිදුවීමෙන් මිය ගිය පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා.

ඔවුන් ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එහිදී අදාළ සිදුවීම පිළිබඳ බලවත් කණගාටුව පළ කළ ජනාධිපතිවරයා එම දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු අවශ්‍ය ඕනෑම උපකාරයක් තිබේ නම් තමා වෙත දැනුම් දෙන ලෙස ද ඔවුන්ට පවසා තිබෙනවා.

තමා පෞද්ගලිකව හෝ මන්ත්‍රීවරයා වෙනුවෙන් රජයෙන් කෙරෙන ප්‍රදානයන් යටතේ ඕනෑම උපකාරයක් එම දරුවන්ගේ අනාගතයත් පවුලේ සුබසාධනයත් වෙනුවෙන් ලබාදීමට සූදානම් බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

අදාළ සිදුවීමෙන් මිය ගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ අමරකීර්ති අතුකෝරාළගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන නිලධාරියා වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදලෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ද පසුගියදා ජනාධිපතිවරයා අතින් සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?