හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ දරුවන් ජනපති හමුවෙයි

නිට්ටඹුව ප්‍රදේශයේ දී ඉකුත් මැයි 09 වනදා සිදුවූ සිදුවීමෙන් මිය ගිය පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා.

ඔවුන් ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එහිදී අදාළ සිදුවීම පිළිබඳ බලවත් කණගාටුව පළ කළ ජනාධිපතිවරයා එම දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු අවශ්‍ය ඕනෑම උපකාරයක් තිබේ නම් තමා වෙත දැනුම් දෙන ලෙස ද ඔවුන්ට පවසා තිබෙනවා.

තමා පෞද්ගලිකව හෝ මන්ත්‍රීවරයා වෙනුවෙන් රජයෙන් කෙරෙන ප්‍රදානයන් යටතේ ඕනෑම උපකාරයක් එම දරුවන්ගේ අනාගතයත් පවුලේ සුබසාධනයත් වෙනුවෙන් ලබාදීමට සූදානම් බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

අදාළ සිදුවීමෙන් මිය ගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ අමරකීර්ති අතුකෝරාළගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන නිලධාරියා වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදලෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ද පසුගියදා ජනාධිපතිවරයා අතින් සිදු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40