හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ අත්අඩංගුවට

අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්ත්‍රීවරයා සමඟ තවත් ව්‍යාපාරිකයෙක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තවත් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 09ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ දී මොවුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්පත් කරගත් එම ව්‍යාපාරිකයාගේ ඥාතියෙකුගේ ඉඩමක් වෙනුවෙන් වන්දි ලබාදීම කඩිනම් කරන බවට පොරොන්දු වී මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව සඳහන්.