හිටපු දිසාපතිවරයෙක් උසාවිය ඉදිරියේ දී මාධ්‍යවේදියෙකුගෙන් වැඳ සමාව ගනියි

රත්නපුර දිසාපති කාර්යාලය තුළට හිස් වැසුමක් පැළඳ ඇතුළු වූයේ යැයි චෝදනා කරමින් රත්නපුර පොලිසියේ කොස්තාපල්වරයෙකු සහ කුරුවිට හමුදා කඳවුරේ නිලධාරියකු මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර එවක දිසාපති, රත්නපුර පොලිසියේ එවක ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (11) අදාළ මාධ්‍යවේදියාගෙන් විවෘත අධිකරණයේ දී වැඳ සමාව ගත්තා.

ඒ අනුව අදාළ ආරවුල සමථයට පත් කෙරුණු අතර පෙත්සම්කාර මාධ්‍යවේදියාට එරෙහි ව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුකරය ඉල්ලා අස්කර ගන්නා බවත් පෙත්සම්කරුට ඉදිරියේ දී කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා බවත් වග උත්තරකාර පොලිස් නිලධාරීන් විසින් අධිකරණය හමුවේ එකඟතාව පළ කළා.

මාධ්‍යවේදී සරත් විමලරත්න විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි මෙම තීරණය ගැනුණේ.

එහිදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකරුවන් පෙත්සම්කරුගෙන් සමාව අයැද සිටීමට සූදානම් බවත් ඔහුට එරෙහි ව ඉදිරි නීතිමය ක්‍රියා මාර්ග නොගන්නා බවට එකඟ වන බවත් දැනුම් දුන්නා.

ඒ අනුව අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටි රත්නපුර හිටපු දිසාපති මාලනී ලොකු පෝතාගම, එම කාර්යාලයේ ආරච්චි අනුරාධ බණ්ඩාර, රත්නපුර එවක පොලිස් ස්ථානාධිපතිවරයා, එහි එවක කොස්තාපල් සමීර, කුරුවිට හමුදා කඳවුරේ එවක කෝප්‍රල් සේනානායක යන අය අධිකරණයේ පෙනී සිටි අතර පසුව ඔවුන් විවෘත අධිකරණයේ දී පෙත්සම්කාර මාධ්‍යවේදියාගෙන් වැඳ සමාව ගත්තා.

2019 වසරේ මැයි මස 29 වනදා රත්නපුර දිසාපති කාර්යාලයෙන් ලැබුණු දැනුම්දීමකට අනුව තමා හිස් වැසුමක් පැළඳ එම කාර්යාලයට ගිය බවත් එම අවස්ථාවේ දී එහි සිටි පොලිසියේ හා යුද හමුදාවේ නිලධාරීන් ඊට විරෝධය පළ කළ බව පෙත්සම්කාර මාධ්‍යවේදියා සදහන් කළා.

පසුව හිස් වැසුම ගලවා තමන් කාර්යාලට ඇතුළු වූවත් ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් එහි සිටි පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරියකු තමන්ට පහර දුන් බවත් පෙත්සමින් සඳහන් කර තිබුණා.

එහිදී වගඋත්තරකාර දිසාපතිවරිය තමන්ට අමානුෂික ආකාරයෙන් බැණ වැදුණු බවත් පෙත්සම්කාර මාධ්‍යවේදියා සඳහන් කළා.

පසුව ඔවුන් තමන්ව අත්අඩංගුවට ගෙන රත්නපුර පොලිසියට රැගෙන ගොස් එදින සවස තෙක් පොලිස් ස්ථානයේ රඳවා තබා නිදහස් කළ බවත් පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා.

මේ තුළින් වග උත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32