මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ ප්රතිත්රස්ත පනත රජය ඉල්ලා අස් කර ගත යුතු බවත් මෙම පනත් දෙක ඉතා භයානක බවත් හිටපු ජනාධිපතිනී චන්ද්රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පවසනවා.
මෙම වසර මැතිවරණ වර්ෂයක් බැවින් මෙම පනත් සම්මත කර ගැනීම ගැටලු සහගත බවත් මේ තුළින් මෙරට පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදු විය හැකි බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය සඳහන් කළේ
