spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවා රක්ෂිත බන්ධනාගාරයට

ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්වන මයිකල් ස්ලේටර් පසුගිය සති අන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෘහස්ථ හිංසන චෝදනාව සම්බන්ධයෙන් මෙම ක්‍රිකට් ක්‍රීඩකයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු මයිකල් ස්ලේටර් මරුචිඩෝර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

2023 වසරේ දෙසැම්බර් 05 සහ අප්‍රේල් 12 අතර දිනවල ක්වීන්ස්ලන්ත සන්ෂයින් වෙරළ තීරයේ දී සිදුකළ බව කියන වැරදි සම්බන්ධයෙන් චෝදනා 19ක් ඔහුට එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නීති විරෝධී ලෙස ලුහුබැඳීම, බිය ගැන්වීම, අනවසරෙන් රාත්‍රියේ වාසස්ථානයකට කඩා වැදීම, අසාමාන්‍ය පහරදීම,ශාරීරික හානියක් සහ හුස්ම හිරකිරීම වැනි ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව චෝදනාවලට 54 හැවිරිදි මයිකල් ස්ලේටර් එල්ල වී තිබෙනවා.

හිටපු ආරම්භක පිතිකරුවෙක් සහ රූපවාහිනී විස්තර විචාරකක් වන මයිකල් ස්ලේටර් ඇප කඩකිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
4
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?