හිටපු ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවා රක්ෂිත බන්ධනාගාරයට

ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්වන මයිකල් ස්ලේටර් පසුගිය සති අන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෘහස්ථ හිංසන චෝදනාව සම්බන්ධයෙන් මෙම ක්‍රිකට් ක්‍රීඩකයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු මයිකල් ස්ලේටර් මරුචිඩෝර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

2023 වසරේ දෙසැම්බර් 05 සහ අප්‍රේල් 12 අතර දිනවල ක්වීන්ස්ලන්ත සන්ෂයින් වෙරළ තීරයේ දී සිදුකළ බව කියන වැරදි සම්බන්ධයෙන් චෝදනා 19ක් ඔහුට එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නීති විරෝධී ලෙස ලුහුබැඳීම, බිය ගැන්වීම, අනවසරෙන් රාත්‍රියේ වාසස්ථානයකට කඩා වැදීම, අසාමාන්‍ය පහරදීම,ශාරීරික හානියක් සහ හුස්ම හිරකිරීම වැනි ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව චෝදනාවලට 54 හැවිරිදි මයිකල් ස්ලේටර් එල්ල වී තිබෙනවා.

හිටපු ආරම්භක පිතිකරුවෙක් සහ රූපවාහිනී විස්තර විචාරකක් වන මයිකල් ස්ලේටර් ඇප කඩකිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් - ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000ක්
08:04
Video thumbnail
අපි හැප්පිලා බලමු ලාල් කාන්ත - මරණ සහතිකය ලියලා තමයි යන්නේ
10:13
Video thumbnail
160වෙනි පොලිස් සැමරුම වෙනුවෙන් පැවැත්වූ පාපැදි තරඟය - එක පොකුරට කට්ටිය තරඟ නිම කළ හැටි
02:37