spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු උපකුලපතිගේ සිද්ධියට අදාළව 6ක් අත්අඩංගුවට

පේරාදෙණිය හිටපු උපකුලපතිට පහරදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් 6දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (12) රාත්‍රීයේ සැකකාර සිසුන් 6 දෙනෙක් පොලිස් ස්ථානයට පැමිණ භාරවීමෙන් පසු එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සිසුන් අවුරුදු 23 හා 25 අතර වන නිට්ටඹුව, සඳලංගල, ගිරිතලේ, මාතලේ, හේනේගමුව හා ගලගම්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසි පවසයි.අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකාර සිසුන් 6දෙනෙක් හඳුනාගෙන තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?