හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළවයි.

ප්‍රකාශ ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අද (02) පෙරවරුවේ එම කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා.