හැටපහේ මාමා ලේලියගෙන් අමුතුම දෙයක් ඉල්ලයි

මෙට්ටයකට දුන් රුපියල් 2000 ක මාසික ණය වාරිකය වෙනුවට 21 හැවිරිදි මවකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා ඇතැයි කියන 65 හැවිරිදි මාමා කෙනෙකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක මාස 08 ක් වයසැති දරුවෙකු සිටින 21 හැවිරිදි එක්දරු මවක් පදිංචිව සිටින්නීය. මෙම මව පදිංචිව සිටින්නේ 27 හැවිරිදි සැමියාගේ මව සහ මාම සමගය. ඇගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන අතර මසකට වරක් නිවසට පැමිණෙන්නේය.

මෙම මව මසකට වරක් සිය ගම් ප්‍රදේශයට පැමිණෙන ලොරි රථයකින් දරුවා තැබීමට යැයි පවසා මීට මාස කිහිපයකට ඉහතදී මෙට්ටයක් ගෙවීමේ පදනම මත ලබා ගත්තාය. ඇයට මාසයකට මෙට්ටයට ගෙවීමට තිබුණේ රුපියල් 2000 කි.

⁣මෙට්ට ලොරි රථය පැමිණෙන දිනය ළං වෙමින් තිබුණි. ලොරි රථයට රුපියල් 2000 ක මුදලක් ලබා දෙන්නේ කෙසේද? සැමියා පැමිණීමටත් තව සතියක් පමණ කල් ඇති බවත් රුපියල් 2000 ක මුදලක් අත නොමැතිව එක්දරු මව කල්පනා කරන්නට වූවාය. අසල්වැසියන් කිහිප දෙනෙකුගෙන් ද එක්දරු මව හුවමාරුවකට රුපියල් 2000 ක් ඉල්ලා සිටිය ද කිසිවෙකුත් ලබා දී නොතිබුණි.
දිනක් නිවස ඉදිරිපිට ඇති මාර්ගය දිගේ ගමන් කරමින් සිටින බිරිඳ විදේශ රටක රැකියාවක් කරන මුනුපුරු මිනිපිරියන් හත් අට දෙනෙකු සිටින 65 හැවිරිදි මාමා කෙනෙකුගෙන් රුපියල් 2000 ක් සැමියා පැමිණි විගස ලබා දෙන බව පවසා බැගෑපත්ව එක්දරු මව දරුවා වඩාගෙන ඉල්ලා සිටියාය. තමන්ගේ දරුවන්ටත් වඩා බාල එක්දරු මවගේ ඉල්ලීම ඇසූ 65 හැවිරිදි මාමා කමිසයේ සාක්කුවට දකුණු අත දමා රුපියල් දාහේ කොළ දෙකක් 21 හැවිරිදි මව අත තැබුවේය.”‍

අනේ මාමේ ගොඩක් පිං සිද්ධ වෙනවා මාමාට. මහත්තයා ආපු ගමන්ම මාමාගේ සල්ලි ටික මම ඉක්මනටම ගෙදරටම ගෙනත් දෙන්න කියන්නම් කෝ මාමේ යැයි 21 හැවිරිදි එක්දරු මව සිනාමුසු මුහුණින් පැවසුවාය.

මෙට්ට ලොරි රථය පසු දින පැමිණියේය. එක්දරු මව දරුවාත් අතැතිව ලොරි රථය අසලට දිව ගොස් රුපියල් 2000 ක මුදලයි කාඩ්පතයි කළමනාකරු අතට දී මාසික වාරිකය පියවා දැම්මාය.

රුපියල් 2000 ක මුදල දුන් 65 හැවිරිදි මාමා පසු දින 21 හැවිරිදි මවගේ නිවසට පැමිණියාය. නැන්දම්මත් මාමාත් එකී මොහොතේ නිව⁣සින් බැහැරව ගොස් තිබුණි. නිවසේ සිටියේ 21 හැවිරිදි මවත් ඇගේ මාස 08 ක් වයසැති දරුවත් පමණි “දුවේ මම එදා ඔයාට දුන්න රුපියල් 2000 ක මුදල ආපසු මට එපා. ඒක ඔයා තියාගන්න. පුළුවන් නම් දරුවා ගෙදර තියලා අපේ ගෙදර මිනිත්තු කිහිපයකට ඇවිල්ලා යන්න. අපේ ගෙදර කවුරුත් නෑ” යැයි 65 හැවිරිදි මාමා සිනාමුසු මුහුණින් පවසා නිවසින් පිටව ගොස් තිබුණි.

21 හැවිරිදි මව තමාට මුහුණ දීමට සිදු වූ සියල්ල මොහොතකට පසුව නිවසට ආ නැන්දම්මාටත් සීයාටත් පැවසුවාය. වරෙන් කෝ ආයේ මේ පාරෙන් යන්න යැයි සිතූ නැන්දම්මා සහ සීයා පසු දින යළිත් රුපියල් 2000 ක මුදල දුන් සීයා ඇගේ නිවසටම පැමිණියේය.

මොකට ද බොල ඊයේ ලේලියට මිනිත්තු කිහිපයකට උඹේ ගෙදර එන්න කිව්වේ යැයි පවසා දර ලීයකින් පහර කිහිපයක් නැන්දම්මා එල්ල කළාය. පසුව 65 හැවිරිදි මාමා යන්න ආ ගමන පසෙකලා ගෙදර බලාම දිව ගියේය. දින කිහිපයකට පසුව 21 හැවිරිදි මවගේ සැමියා නිවසට පැමිණියේය. සියල්ල ඈ තරුණ සැමියාට කීවාය. ඔහු ද පසු දින නිවසට ගොස් රුපියල් 2000 ක මුදල දී හොඳ වචනවලින් සංග්‍රහ කර ඇතැයි වාර්තා වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලු වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
13:57
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා - විදේශිකයන් බිය වී කෑගහයි
01:17
Video thumbnail
සිරිලිය ගිණුමෙන් ශිරන්ති මුදල් හොරකම් කළේ නෑ..අදටත් ඒ ගිණුමේ සුරක්ෂිතව මුදල තියෙනවා
06:20
Video thumbnail
ආණ්ඩුවේ ගොවි රැළියට ලාල් කාන්තවත් ආවේ නෑ.. ජෝඩුවම නෑ
05:00
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ FCID එකෙන් දැනුම්දීමක් තියෙද්දි විදේශ ගත වුණේ නෑ - මනෝජ් හෙළිකරයි
08:47
Video thumbnail
අතුරුදන් වුණා කිව්ව ඥානසාර හිමි උසාවියට - අපි පළා යන්නේ නෑ
01:06
Video thumbnail
මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකෙන් බොන්න දෙනවද..? ඉතිං අපේ රැස්වීමට ආපු අයට අපි බොන්න දුන්නෑ..
02:33
Video thumbnail
රනිල්ව හමුවෙන්න ආ අමුත්තා
02:00
Video thumbnail
ලංගම බස් රථයක ගැටුණු මෝටර් රථය - CCTV දර්ශන
00:46
Video thumbnail
50000ක් විතර මිනිස්සු අපේ රැළියට ආවා - මහින්දට එන්න විනාඩි 40ක් ගියා
01:44