හැටන් ප්‍රදේශයේ ජනතාවට නව ජල යෝජනා ක්‍රමයක්

හැටන් ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල ප්‍රශ්නය තවදුරටත් විසඳීම සඳහා නව ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කිරිමට පියවර ගෙන තිබෙනවා.

සෑම වර්ෂයකදීම වියළි කාලගුණික තත්ත්වයන් පවතින පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසවලදි නිසි ලෙස දිනපතා ජලය ලබා දීමට නොහැකිව දින දෙකකට තුනකට වරක් ජලය බෙදා හැරීමත් සමග මෙම ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවන්ට පත්වනු ඇති බව වාර්තා වනවා.

මෙම තත්ත්වයන් තුළින් ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන්ට සිදුවන දුෂ්කරතාවයන් පිළිබඳව අවධානය යොමු කරමින්
මෙසේ නව ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කිරිමට ජල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

මේ පිළිබඳව කරන ලද විමසිමක දී අදහස් දැක්වූ ජල මණ්ඩලයේ හැටන් කාර්යාලයේ ස්ථානභාර නිලධාරි ජනක හේරත් මහතා පවසන ලද්දේ සෑම වර්ෂයකම පෙබරවාරි, මාර්තු, අප්‍රේල් යන මාසවල දී නිසි ලෙස දිනපතා ජලය ලබා දීමට නොහැකි වීමෙන් ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ එම තත්වයන් පිළිබදව අවධානය යොමු කර සාංචිමලේ ප්‍රදේශයේ සිට හැටන් ජල පවිත්‍රාගාරය වෙත ජලය රැගෙන ඒම සඳහා නව ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කිරිමට ද පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව රුපියල් මිලියන 160ක පමණ වියදමකින් මෙම නව ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇති බවත් එහි මූලික කටයුතු වන ටෙන්ඩර් කිරිම් ද මේ වන විට අවසන් කර ඇති බවත් එම තත්වයන් මත ඉදිරි මාස දෙකක පමණ කාලයක දී එම නව ජල යෝජනා ක්‍රමයේ වැඩ කටයුතු ආරම්භ කිරිම සිදු කරන බව‍ත් අප ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14