හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ බස් රථයක් පෙරළී දරුණු අනතුරක් (ඡායාරූප)

කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීයාමෙන් අද (01) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල – සිංහල විදුහල අසල දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් තුවාල ලැබූ පිරිස වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එලෙස තුවාලකරුවන් 18 දෙනෙකු රෝහල් ගතකළ බවයි වටවල පොලිසිය සඳහන් කළේ.

බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් පස්දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

අද (01) අලුයම 4.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 100 දෙනෙකු පමණ ගමන් කරමින් සිටි ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14