spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ බස් රථයක් පෙරළී දරුණු අනතුරක් (ඡායාරූප)

කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීයාමෙන් අද (01) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල – සිංහල විදුහල අසල දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් තුවාල ලැබූ පිරිස වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එලෙස තුවාලකරුවන් 18 දෙනෙකු රෝහල් ගතකළ බවයි වටවල පොලිසිය සඳහන් කළේ.

බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් පස්දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

අද (01) අලුයම 4.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 100 දෙනෙකු පමණ ගමන් කරමින් සිටි ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
1
+1
2
+1
38
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?