හාර කෝටියක මත්ද්‍රව්‍ය සමඟ ගුවන් මගියෙක් කටුනායක දී අල්ලයි

රුපියල් හාරකෝටි තිස්අට ලක්ෂ අනූදහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙක්
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (13) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම ගුවන් මගියා අද (13) අලුයම 12.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර් වේස් ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02ක් තුළ පැකැට් 04 අසුරා සකස් කරගෙන මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 ග්‍රෑම් 389 ක ප්‍රමාණය රැගෙන විත් තිබූ බවයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පැවසුවේ.

සක්කාර ගුවන් මගියා සහ කුෂ් මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.