හාරකෝටියක් ඉක්ම වූ කුෂ් මෙරටට ගෙනා තුන්සක රියදුරෙක් අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් හාරකෝටි තිස් අටලක්ෂ අසූ දහසක් පමණ වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමග ගුවන් මගියෙකු මෙරටට පැමිණීමේ දී අත්අඩංගුවට ගැනුණා.

අද (24) පෙරවරු 11ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 403 දරන ගුවන් යානයෙන් සැකකරු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel) ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට යාමට උත්සාහ කිරීමේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙක් බවත් පැවසෙනවා.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ල තුළ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 388ක් අඩංගු පාර්සල් 05ක් තිබූ බවයි වාර්තා වන්නේ.

මේ වනවිට මෙම පුද්ගලයා සහ ඔහු විසින් රැගෙන විත් තිබූ “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

20241224 133959 scaled
20241224 134126 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18