AFC Banner
Empty Ad
Empty Ad

හලාවත – කොළඹ මාර්ගයේ අනතුරක්

හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ, ගලහිටියාව ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඊයේ (23) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

කොළඹ සිට ආරච්චිකට්ටුව දක්වා කුකුළු කෑම ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබුණා.

රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් තමන්ට රථය පාලනය කර ගැනීමට නොහැකි වූ බව අනතුරට පත් කන්ටේනර් රථයේ රියදුරු පවසනවා.

මාර්ගයෙන් ඉවතට පැන ඇති කන්ටේනර් රථය අධි බලැති විදුලි රැහැන් කණුවක ගැටී එම කණුව දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් ගලහිටියාව සහ අවට ප්‍රදේශවලට පැය කීහිපයක් විදුලිය ඇණ හිට තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?