spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හර්ෂගේ ප්‍රකාශය මාලදිවයිනේ හිටපු ජනාධිපති ප්‍රතික්ෂේප කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තමන්ගේ නම සඳහන් කරමින් සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, මාධ්‍ය හමුවේ ඊයේ (13) ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ මාලදිවයිනේ හිටපු ජනාධිපති හා තමන් අතර අදහස් හුවමාරුවක් සිදුවූ බවයි.

එහිදී ලංකාවට නිසි සැලසුමක් නොමැති වීම හේතුවෙන් රටවල් උපකාර කිරීමට නො පැමිණෙන බවට මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා පැවසූ බව මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා.

හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් රටවල් ගණනාවක් උදව් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවත් ඉක්මණින් එම උපකාරයන් ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවත් තමා විශ්වාස කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?