හරක් කටාගෙන් ප්‍රකාශයක් ගන්න අල්ලස් කොමිසමට පහසුකම් දෙන්නැයි නියෝග

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැති විත්තිකරුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අල්ලස් කොමිසමට පහසුකම් සලසා දෙන ලෙස කොළඹ මහාධිකරණය ත්‍රස්ත විමර්ශන කාර්යාංශයට නියෝග කර තිබෙනවා.

හරක් කටා සම්බන්ධ නඩුවක් අද (09) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳ වූ අවස්ථාවේ දී රජයේ නීතිඥ සජිත් බණ්ඩාර අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් විත්තිකාර නඳුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාගෙන් එම කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බවට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළා.

ඒ, අනුව එම කොමිසම නිලධාරීන්ට විත්තිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පහසුකම් සලසන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා අදාළ විත්තිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට පහසුකම් සලසන ලෙස ත්‍රස්ත විමර්ශන කාර්යාංශයට නියෝග කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14