හයවන වරටත් කිරුළු පැළඳි ලෝක ශූරියෝ (ඡායාරූප)

දකුණු අප්‍රිකාවේ පැවති කාන්තා 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඊයේ හැකියාව ලැබුණා.

ඒ, අවසන් මහා තරගයේ දී මෙවර තරගාවලියේ සත්කාරකත්වය දරණ දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් කරමින්.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පරදා මෙම තරගය ඔස්ට්‍රේලියාව ජය ගත්තේ ලකුණු 19කින්.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් දෙවරක් නොසිතාම
පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 156ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් බෙත් මූනි නොදැවී ලකුණු 74ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී මරිසාන් කප් සහ ෂබ්නිම් ඉස්මයිල් ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 02ක බැඟින් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව ලකුණු 157ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 137ක් පමණයි.

ඒ අනුව 2023 කාන්තා 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවමන් තමන් සතුකර ගන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් මෙවර ශූරතාව හිමිකර ගත්තේ 08 වන වරට වන අතර, එමෙන්ම ඔවුන් ශූරතාව හිමිකර ගත්තේ පිට පිට දෙවන අවස්ථාවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32