හමාස් ප්‍රහාරය බලන්න ගිය ඊශ්‍රායල් තානාපතිගෙන් සටහනක් (ඡායාරූප)

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා හමාස් ප්‍රහාරයෙන් ජීවිතය අහිමි වූ අනුලා රත්නායක මහත්මිය ජීවත්වූ ගාසා තිරයට නැගෙනසිර දෙසින් පිහිටි කිබුට්ස් ගම්මානයේ නිරීක්ෂණයකට එක්වී තිබෙනවා.

අනුලා රත්නායක ඇතුළු පිරිස ජීවත්වූ ගම්මානවලට ගොස් එහි සත්‍ය තත්ත්වය හා ඔවුන් පිළිබඳව යම් හෝඩුවාවක් ලබා ගැනීමට මීට පෙර ඒ ආසන්නයට ගමන කළ ද එල්ලවූ රොකට් ප්‍රහාර හා ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් ආරක්ෂක අංශ එම ගමන වැළැක් වූ බවයි තානාපතිවරයා කියාසිටියේ.

අනතුරුව ඊයේ (20) අදාළ ගම්මානවලට ඇතුලු වීමට ආරක්ෂක අංශ අවසරය ලැබුණු බැවින් ඊශ්‍රායල් විදේශ අමාත්‍ය Eli Cohen මහතා ඇතුළු ආරක්ෂක අංශ කණඩායමක් සමග තානාපතිවරයා එහි ගොස් තිබෙනවා.

අදාළ ගම්මාන පිහිට ඇත්තේ ගාසා තීරයට නැගෙනහිර දෙසින් ඇති ඉදිරි ආරක්ෂක වළල්ල ආසන්නයේ මීටර 800ක සිමාවේ බව සඳහන්. කිබුට්ස් ගම්මාන යනු ඊශ්‍රායලයට අනන්‍ය වූ සමූහ ගම්මානවලින් සැදී ජනාවාස රටාවක්.

1910 වසරේදී ආරම්භ කරන ලද කිබුට්ස් ගම්මානවල නිර්මාතෘ වූයේ ඩෙගන්යා ඇලෙෆ්.

අද වන විට ඊශ්‍රායලයේ කිබුට්සිම් 270 කට වඩා ඇති අතර ඔවුන්ගේ කෘෂිකාර්මික ක්‍රම ආරම්භයේ සිටම ඔවුන් විශාල වශයෙන් විවිධාංගීකරණය වී බොහෝ ඒවා දැන් පුද්ගලික හිමිකරුවන් භාරයේ පවතින බවයි වාර්තා වන්නේ.

මේ අතර දකුණු ඊශ්‍රායලයේ නෙගෙව් හි කිබුට්ස්, දකුණු ඊශ්‍රායලයේ නෙගෙව් හි කිබුට්ස්, එස්ඩේ බෝකර්කි කිබුට්සිම් ලෙස ප්‍රධාන ලෙස කෘෂිකාර්මික ජනාවාස ලෙස වර්ධනය වී තිබෙනවා.

අනුලා රත්නායක මහත්මිය ජීවත් වී ඇත්තේ මෙවැනි කෘෂිකර්ම හා අර්ධ කර්මාන්ත සහිත වටපිටාවක් ඇති සමූහ ගම්මානයක බවයි තානාපතිවරයා කියාසිටියේ.

මෙම කණ්ඩායමේ ගමන් කළ ඊශ්‍රායල් හමුදා ප්‍රධානියෙකු ප්‍රකාශ කළේ ප්‍රහාරය සඳහා හමාස් සාමාජිකයන් 1500ක් පමණ පැමිණ ඇති බවයි.

ඔවුන් ගොඩබිම හරහා පිහිටි දැඩි තාප්ප බිඳගෙන ඉදිරියට පැමිණි අතර තවත් කොටසක් පැරග්ලයිඩිං (Paragliding) හා පැරචුට් ආධාරයෙන් ගුවනින් පැමිණ ඇති බව සඳහන්.

ඔවුන් දමාගිය පැරග්ලයිඩිං යානයක් කොටස්වල ඡායාරූප ද තානාපතිවරයා විසින් ලබාගෙන තිබෙනවා.

අනෙක් හමාස් සාමාජිකයන් පිරිස මුහුදු කලාපයෙන් ගොඩබිමට ඇතුල්වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සුජිත් ප්‍රියංකර මහතා තුවාල ලබා තිබුණේ ද එලෙස මුහුදින් පැමිණි කණ්ඩායමක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් බව තානාපතිවරයා සඳහන් කළා.

අනුලා රත්නායක මහත්මිය සිටි ගම්මානයේ බොහෝ නිවාස ගිනි තබා විනාශ කර ඇති අතර වෙඩි වැදීමෙන් ගනල ලද ලේ සහිත කොට්ට, ඇදුම් හා පොළොවේ ඇති වියලුණු ලේ පැල්ලම්වලින් අප්‍රසන්න ගන්ධය ප්‍රදේශය පුරා තවමත් පවතිනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කියාසිටියේ මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරියේ දී ගෙන ඒමට උත්සහ කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
00:51
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ - "මොනවද Deposit කළේ කියලා ඇහුවේ"
01:44
Video thumbnail
හෝමාගමට එන වැලිකඩ බන්ධනාගාරය...
00:17
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු - නලා සංඥා නිකුත් කරමින් අනතුරු අගවයි
03:05
Video thumbnail
"අස්සවල්වල හැංගිලා ඉන්න එකෙන්ම පේනවා ඒ පොලිස් නිලධාරීන්ගේ වංක චේතනාව"
01:25
Video thumbnail
සුගීෂ්වර බලන්න මැගසින් බන්ධනාගාරයට ආ සීලරතන හිමි - "හර්ෂණ තොත්ත බබා වගේ..පටි දෙකක් දාගෙන"
03:51