හමාස් ප්‍රහාරයෙන් මියගිය ශ්‍රී ලාංකික කාන්තාවට අවසන් ගෞරව (ඡායාරූප)

ඊශ්‍රායලයේදී හමාස් ප්‍රහාරයෙන් මියගිය අනුලා ජයතිලක මහත්මියගේ දේහයට ඊශ්‍රායලයේදී ආගමික වතාවත් සිදු කර අවසන් ගෞරව දක්වා තිබෙනවා.

අවසන් ගෞරව දැක්වීම හා ආගමික වතාවත් ඉතා චාම් හා ගෞරවාන්විතව ලෙස අද දින සිදු කළ බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කියාසිටියේ.

ගාසා තිරයේ නිවසක සාත්තු සේවිකාවක ලෙස රැකියාව කරමින් සිටියදී පසුගිය 7 වනදා එල්ල වූ හමාස් ප්‍රහාරයට ගොදුරු වීමෙනුයි අනුලා ජයතිලක රත්නායක මහත්මිය ජීවිතක්ෂයට පත්වූයේ.

ඇයගේ දේහය තානාපති නිමල් බණ්ඩාර මහතා විසින් බාරගෙන මෙරටට එවීමට පියවර ගෙන තිබෙනවා.

දේහය එවීමට පෙර තානාපතිවරයාගේ උපදෙස් මත භික්ෂූන් වහන්සේ නමක් සහ කිතුනු පියතුමන්ලා වැඩමකරවා අද දින (25) මතක වස්ත්‍ර පූජා කිරීම ඇතුළු ආගමික් වතාවත් ද ඉටු කරනු ලැබුවා.

ඒ සඳහා ඊශ්‍රායල‍් තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය, අනුලා මහත්මිය සේවය කළ නිවසේ සාමාජිකයන් මෙන්ම එරට සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද සහභාගී වූ බවයි තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04