හම්බන්තොට සංචාරක, කර්මාන්ත, වෙළෙඳ හා වරාය ආර්ථිකයක් ලෙස හදන බව ජනපති කියයි

හම්බන්තොට සංචාරක, කර්මාන්ත, වෙළඳ, සහ වරාය ආර්ථිකයක් ලෙස දියුණු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ හම්බන්තොට බස්නැවතුම්පොළ ඉදිරිපිට ක්‍රීඩාංගණයේ දී ඊයේ (29) පස්වරුවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලියට එක් වෙමින්.

ජනතාවගේ ආදායම වැඩි කරමින් ඔවුන්ට සහන දීම තමන්ගේ අරමුණ බවත්, අනෙකුත් ජනාධිපති අපේක්ෂකයන් සහ තමා අතර ඇති වෙනස එය බවත් ජනාධිපති ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ අසීරුවෙන් ගොඩනගා ගත් රට නිවැරදි ලෙස කළමනාකරණය කළ යුතු බවයි.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට විශාල ජනතාවක් එක්ව සිටියා.

ජනපතිවරයාට සහාය දැක්වීම සඳහා මෙම ජන රැලියට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ , හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ඇතුළු මැතිඇමතිවරුන් රැසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38