හම්බන්තොට වරායෙන් ලංකාවට ශත පහකවත් ලාභයක් නැහැ

හම්බන්තොට වරායේ සම්පූර්ණ කොටස් ප්‍රමාණයෙන් 15% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව පවතිනවා.

කෙසේ වෙතත් මෙතෙක් හම්බන්තොට වරායේ ලාභ ඉපයීමක් සිදුව නොමැති බැවින් කිසිඳු ලාභාංශයක් රජයට ලැබී නොමැති බව හෙළිව තිබෙනවා.

කොවිඩ් අර්බුදය සහ ශ්‍රී ලංකාවේ මෑතකදී ඇති වූ ආර්ථික අවපාතය හේතුවෙන් හම්බන්තොට වරායේ ආදායම් වැඩි කිරීමටත් ලාභ ඉපදවීමටත් නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ආදායම් උපදවන වැඩසටහන් කීපයක් ආරම්භ කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ අවධානය යොමුව තිබෙනවා.

එම සැලසුම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගිය දින අමාත්‍යාංශයේ දී පැවැත් වුණා.

හම්බන්තොට වරායේ නව සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ දී මහ බැංකුව සහ ආයෝජන මණ්ඩලය සමඟ පවතින ගැටලු කීපයක් නිරාකරණයකර ගත යුතුව ඇති බව එම වරායේ ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එම ගැටලු කඩිනමින් නිරාකරණය කරගැනීමට වරාය අමාත්‍යාංශය මැදිහත්වන බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ.

මෙතෙක් ප්‍රධාන වශයෙන් හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ලෙස සිදුකරනු ලැබුවේ ආනයනය කළ වාහන වරායේ ගාල් කර ප්‍රතිඅපනයනය කිරීම බවත්, ඉදිරියේදී බහාලු ප්‍රති අපනයන කිරීම ආරම්භ කළහොත් වරායට ලාභ ඉපයීමට හැකියාව ඇති වන බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

ඒ අනුව හම්බන්තොට ලාභදායි වරායක් බවට පත්කිරීම සඳහා පාලන අධිකාරිය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා සහ අනාගත වැඩපිළිවෙළ අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඉදිරිපත් කර අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙසත් අවශ්‍ය වුවහොත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙල්මට් චණ්ඩි වත්තල හෝටලයකට ඇවිත් කඩුවකින් සෙල්ලම් දාලා ගිය හැටි
02:00
Video thumbnail
අධිකරණයට අත නොතබනු.. මහජන පෙත්සම අත්සන් කිරීම අරඹයි...
02:13
Video thumbnail
සජිත්ගෙන් සෞඛ්‍යය ඇමතිට සැර සත්තමක් - රෝහලේ වෛද්‍යවරයෙක් නෑ..රෝහල වැසී යන තැනට වැටිලා
05:44
Video thumbnail
බෙල්ලන්විල වෙ#ල්ලේ සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි - ජංගම දුරකථනයේ තිබී හඬ පටත් හමුවෙයි
01:48
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12
Video thumbnail
"කෙළින් හිටගන්නවත් බැරි තරම් බීපු පොලිස් පරීක්ෂවරයා, තරුණියන් දෙදෙනෙක් අනතුරට ලක්කර පැනලා ගිහින්"
00:55
Video thumbnail
නානා මේ... අරක මේක මට කියන්න එන්න එපා හරිද..? සඳුදා උසාවි යන්න බලාගෙන ඉන්න..
01:38
Video thumbnail
ෆ්‍රරයිඩ් රයිස් හදන්න බඩු ගේන්න ගිහින් යළි නොආ සිව්දරු මව "හිනාවෙලා අපේ හිනාවත් අරගෙන එයා ගියා"
03:54
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවෝ මහ ජන ගඟක් හෝමාගමට එයි - "අනාගත නායකයට..ජයවේවා !"
01:06
Video thumbnail
යුවතියෝ ජන ගඟක් පේලි ගැසෙමින් නාමල් රාජපක්ෂ බලන්න හෝමාගමට...
00:51