spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හබරණ – ත්‍රිකුණාමලය මාර්ගයේ මාරක අනතුරක්

හබරණ – ත්‍රිකුණාමලය මාර්ගයේ සිංහගම ප්‍රදේශයේ දී අද (06) උදෑසන සිදුවූ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

ත්‍රිකුණාමලය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ලිස්සා ගොස් අනෙක් දෙසට ධාවනය වෙමින් තිබූ ප්‍රයිම් මූවර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෑන් රථයේ රියදුරු, එහි ගමන්ගත් කාන්තාවක් සහ තවත් අයෙක් මෙන්ම ප්‍රයිම් මූවර් රථයේ රියදුරා හා සහායකයා මෙම අනතුරෙන් බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් කන්තලේ රෝහලට ඇතුළු කර ඇති අතර, පසුව වෑන් රථ රියදුරා සහ එහි ගමන් ගත් කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කින්නියා ප්‍රදේශයේ දෙදෙනෙක්.

ඔවුන් වයස අවරුදු 49 සහ 46 යන වයස්වල පසු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
7
+1
6
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?