හදිසි ගංවතුර සහනාධාර ලෙස චීනයෙන් රුපියල් මිලියන 30ක්

පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ; අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) මහතා එම මුදල නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාර දුන් බවයි.

විපතට පත් වූවන් වෙනුවෙන් හදිසි සහන සැලසීම මෙන්ම ගංවතුර තත්ත්වය වැළැක්වීම සහ කළමනාකරණයට අදාළව ගත යුතු දීර්ඝකාලීන උපායමාර්ග පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම ඉදිරියේ දී ඇති විය හැකි ගංවතුර තත්ත්ව වළක්වා ගැනීම සහ එවැනි තත්ත්වවලට මුහුණ දීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම සඳහා අනුගමනය කළ හැකි තිරසාර විසඳුම් සහ ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණා.

පසුගිය දා ඇති වූ අධික වැසි හේතුවෙන් පළාත් කිහිපයක සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති වූ අතර ඉන් පවුල් දහස් ගණනක් අවතැන් වුණා.

යටිතල පහසුකම් සහ කෘෂිකර්මාන්තයට අදාළව විශාල හානියක් සිදුව ඇති බවයි වාර්තාවලින් අනාවරණය වී තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12