හදිස්සියේම හමුවූ ඇමෙරිකානු සහ ඉන්දියානු ලොක්කෝ

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අතර හමුවක් සිදු ව තිබෙනවා.

ඒ, කැනඩාවේ පැවති G7 විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම අතරතුරය.

ඒ සම්බන්ධයෙන් සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හමුවීමට අවස්ථාවක් හිමිවීම සතුටට කරුණක් බවය.

එමෙන්ම ඔහු, දිල්ලිය ඉලක්ක කර එල්ලවූ බෝම්බ පිපිරීමෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව ශෝකය පළ කිරීම අගය කරන බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

වෙළඳාම සහ සැපයුම්දාමයන් කෙරෙහි අවධානය යොමු කරමින් තමා සහ රුබියෝ ඉන්දියා-අමෙරිකානු ද්විපාර්ශ්වික සබඳතා සාකච්ඡා කළ බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසනවා.

යුක්‍රේන ගැටුම්, මැදපෙරදිග සහ බටහිර ආසියාවේ තත්ත්වය සහ ඉන්දු-පැසිෆික් කලාපය පිළිබඳවද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

මේ අතර G7 විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සමගාමීව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් කැනඩාව, මෙක්සිකෝව, ප්‍රංශය, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, එක්සත් රාජධානිය සහ ජර්මනිය යන රටවල විදේශ අමාත්‍යවරුන් ද හමුවී ද්විපාර්ශ්වික රැස්වීම් කිහිපයක් පැවැත්වුවා.

ඉන්දියාව ආරාධිත හවුල්කරුවෙකු ලෙස මීට සහභාගි වී තිබෙනවා.

  1. ශ්‍රී ලංකාව අන්තවාදී ත්‍රස්තවාදී මුස්ලිම්කරණය කීරීමේ ඉරාන-පලස්තීන isis ත්‍රස්තවාදී කුමන්ත්‍රණය පරාජය කීරීමට ඊශ්‍රායලය ඇමරිකාව සහ ඉන්දීය සහාය ලබා ගනිමු. ලංකාවේ කිසිදු රජයකට සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල ඉරාන පලස්තීන පිටුබලය ලබන isis ත්‍රස්තවාදී පාස්කු බෝම්බ සත්‍ය හා යුක්තිය ඉටුකීරීම ට නොහැකිව තැටමීම ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය හා දේශපාලනය මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයට යටත් බව සනාථ කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18