හත් හැවිරිදි දැරියක් කෙලෙසූ ගැහැණු දරුවන් පස්දෙනෙකුගේ පියා වසර 17ක් හිරේට

හත් හැවිරිදි දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 62 හැවිරදි පස්දරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 17ක සිර දඬුවම් නියම කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබාදුන්නා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 30,000ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් අමතරව වසරක සිර දඬුවම් නියම කරන බවත් නියෝග කළා.

ඊට අමතරව වින්දිත දරියට රුපියල් ලක්ෂ 03ක වන්දියක් ද ඇයගේ මවට තවත් රුපියල් ලක්ෂයක වන්දියක් ද ගෙවිය යුතු බවත් විනිසුරුවරයා නියෝග කර සිටියා.

එම වන්දි ගෙවීම පැහැර හරිනු ලැබූහොත් අමතරව තවත් වසරක සිර දඬුවම් නියම කරන බවයි තීන්දුවේ සඳහන් වුණේ.

2015 වසරේ ජූලි මස 03 වනදා හත් හැවිරිදි බාලවයස්කාර ගැහැණු ළමයකු බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් එම අවස්ථාවේ වයස අවුරුදු 53 ක්ව සිටි මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ සඳහන් කළේ මෙම විත්තිකරු වින්දිත දැරියගේ නිවසට නිතර යන එන පුද්ගලයකු වන අතර; අපරාධය වූ දින දැරියගේ මව ගර්භණී තත්ත්වයෙන් පසු වීම නිසා ඇය සමඟ දැරියගේ පියා ද රෝහලට ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් පාසල් ගිය එම දැරියව යළි නිවසට රැගෙන ඒමට පියාට නොහැකි තත්ත්වයක් උද්ගතවීම නිසා හොඳින් හඳුනන මෙම විත්තිකරුට පාසලෙන් දරුවා රැගෙන එන ලෙස දෙමව්පියන් විසින් දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව ත්‍රිරෝද රථයෙන් පාසලට ගිය මෙම විත්තිකරු එම දරුවා ද නංවාගෙන තමාගේ නිවසේ කුඩා දරුවන් සිටින බවත් එහි ගොස් සෙල්ලම් කළ හැකි බවත් පවසා වින්දිත දැරිය රවටාගෙන සිය නිවසට රැගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දැරිය එම නිවසට ගිය අවස්ථාවේ එහි කුඩා ළමුන් නොසිට ඇති අතර එහිදී විත්තිකරු විසින් වින්දිත දැරියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර නැවත ඇයගේ නිවසට ගොස් හැරලවා තිබෙන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

ඉන්පසුව නිවසේ දී වින්දිත දැරිය ගේ අසාමාන්‍ය හැසිරීම පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ දී විත්තිකරු තමන්ට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ බව එම දැරිය විසින් ඇයගේ මවට ප්‍රකාශ කර තිබෙන බවත් විනිසුරුවරයා සඳහන් කර සිටියා.

ඉන් පසුව ඇයගේ මව දෙමටගොඩ පොලිසියට කැඳවාගෙන ගොස් ඇති අතර, එතැනින් ඇයව ග්‍රෑන්ඩ්පාස් පොලිසියට යොමු කර ඇති බවත් එහි පැමිණිලි ඉදිරිපත් කළ බවත් සඳහන් කළ විනිසුරුවරයා ළමා ආරක්ෂක අධිකාරිය ද මෙම දරියගෙන් වීඩියෝ සාක්ෂි සටහන් කරගෙන තිබූ බවත් පැවසුවා.

ඉදිරිපත් වූ සාක්ෂි පිරික්සීමේ දී විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී ඇති බවත්, ඒ අනුව ඔහු අදාළ චෝදනා දෙකට වරදකරු කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

දඬුවම් නියම කිරීමට පෙර රජයේ නීතිඥවරිය අධිකරණයේ කරුණු දක්වමින් මෙම විත්තිකරු පස් දරුපියෙකු වන බවත් ඔහුගේ දරුවන් පස්දෙනාම ගැහැණු දරුවන් බවත් සඳහන් කළා.

එවැනි ගැහැණු දරුවන් සිටින පියෙකු මේ ආකාරයේ බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ඔහුට නීතියෙන් ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙසත් රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරු 62 වන වියේ පසුවන අතර ඔහු වසර 07ක් පමණ ක්ෂය රෝගය හා වකුගඩු රෝගවලට ප්‍රතිකාර ලබන බව සඳහන් කළා.

ඔහු පස්දරු පියකුවන අතර ඔහුගේ බාලම දියණිය 14 වන වියේ පසුවන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියා.

ඔහුගේ රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසයි විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

අතවරයට පත් දැරියගේ මව අධිකරණයේ කරුණු දක්වමින් තම දියණියට සිදුවූ අපරාධය වැනි දෙයක් තවත් දරුවෙකුට සිදුනොවන ආකාරයේ දැඩි දඬුවමක් මෙම විත්තිකරුට නියම කරන ලෙස ඉල්ලා සිටියා.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම විත්තිකරු විසින් සිදුකර තිබෙන වරදේ ස්වභාවය පිරික්සීමේ දී ඔහුට ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නා.

ගැහැණු දරුවන් පස්දෙනෙකුගේ පියෙකු වශයෙන් විත්තිකරුට ගෑනු දරුවන්ගේ වටිනාකම පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතු බවත්; එසේ තිබියදී හත් හැවිරිදි කුඩා දරුවකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම බරපතළ ක්‍රියාවක් බවත් විසුරුවරයා පෙන්වා දෙනු ලැබුවා.

කාන්තාවන් හා ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවට සමාජය තුළ දැඩි හඬක් මතුවී තිබෙන මෙම වකවානුවේ මෙවැනි සිද්ධීන් පිළිබඳව මුලු සමාජයම බලා සිටින බව සඳහන් කළ විනිසුරුවරයා අනුව ඔහුට ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කරමින් මෙම දඬුවම් ප්‍රකාශයට පත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18