සෞඛ්‍ය අමාත්‍යවරිය රෝහලේ සිට කළ ප්‍රකාශය මෙන්න

මෙරටට ගෙන්වන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ලැබීම සතුටට කරුණක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

තමන් මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබාගනිමින් සිටින බැවින් පළමු එන්නත්කරණ වැඩසටහනට සහභාගිවීමට නොහැකි වූවත් එන්නත්කරණ වැඩපිළිවෙල ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ, මාධ්‍ය ලේකම් විරාජ් අබේසිංහ මහතා විසින් නිකුත් කළ නිවේදනයේ සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

– උපුටා ගැනීම –

මෙම එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීමත් සමග මෙරට කොවිඩ් වෛරසය මර්දනය වැඩපිළිවෙල තවත් ශක්තිමත් වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කොට එන්නත්කරණ වැඩපිළිවෙළක ඇති වැදගත්කම පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කළ බවත්, ඒ අනුව ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය සහ මැදිහත්වීම මත මෙරටට මෙම එන්නත බලා පොරොත්තු වූ කාල සීමාවටත් පෙර ලබාගැනීමට හැකි වීම සතුටට කරුණක් බව ද පැවැසීය.

කඩිනමින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමට කටයුතු කළ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා ඇතුළු ඉන්දීය රජයටත්, මෙම කටයුතු සම්බන්ධීකරණය කළ ජනාධිපතිතුමාගේ උපදේශක ලලිත් වීරතුංග මහතා ඇතුලු කොවිඩ් එන්නත්කරන කමිටු සාමාජිකයින් සියලුදෙනාටත්, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්රතනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු දේශපාලන නායකත්වයටත්, ශ්‍රී ලංකා සහ ඉන්දියානු මහ කොමසාරිස්වරුන් හටත්, සෞඛ්‍ය ලේකම් තුමා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා ඇතුළු සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ටත්, එන්නත ලැබුනු අවස්ථාවේ සිට බෙදාහැරීම් කටයුතු සිදුකරන සහ එන්නත්කරණ වැඩපිළිවෙලට සම්බන්ධ වෛද්‍ය, හෙද ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ නන් අයුරින් සහයෝගය දැක් වූ සියලුදෙනාටත් සිය ස්තූතිය මෙම අවස්ථාවේ පුද කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැසීය.

බස්නාහිර පළාතේ රෝහල් 6 කදී ආරම්භ වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අදියර වශයෙන් හෙට දින සිටම මුළු දිවයිනම ආවරණය වන පරිදි සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සඳහා එන්නත්කරණය කිරීමට පියවර ගෙන ඇති බවත්, මෙරට සියලු ජනතාවට ද එන්නත ලබාදීමට ඉදිරියේ දී කටයුතු සිදුකරන බවත් පැවැසූ සෞඛ්‍ය අමාත්‍යවරිය කොවිඩ් මර්දනය සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් මෙරටින් කොවිඩ් වෛරසය තුරන් කිරීමට සෞඛ්යන අමාත්‍යවරිය ලෙස කැපවී කටයුතු කරන බවද පැවැසීය.

-උපුටා ගැනීම අවසන් –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09