ආපදා තත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සදහා ඉන්දියානු වෛද්‍යවරුන්, හෙද හෙදියන්,
උපස්ථායකයින් ඇතුළු ජංගම ආරෝග්‍යශාලා 02ක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානය ඊයේ (02) දින පස්වරුවේ දිවයිනට පැමිණියා.
මෙම ගුවන් යානය පිළිගැනීමේ අවස්ථාව සදහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ගුවන් හමුදා උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.













