spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සෞඛ්‍ය සේවාවේ නව පරිවර්තනයක් වෙනුවෙන් පුළුල් සංවාදයක් අවශ්‍යයි – ජනපති (ඡායාරුප)

මෙරට සෞඛ්‍ය සේවාවේ නව පරිවර්තනයක් වෙනුවෙන් පුළුල් සංවාදයක් අවශ්‍ය බව ජනපති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පැවති හමුවේදී ප්‍රකාශ කළා.

නවීන වෛද්‍ය සේවාවන්ට ගැළපෙන පරිදි නව තාක්ෂණය සමඟ අනුගත වෙමින් මෙරට සෞඛ්‍ය සේවාව තුළ සිදු කළ යුතු පරිවර්තනයන් පිළිබඳ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ ඊයේ (23) දින පැවති හමුවකට එක් වෙමින්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ “නායකත්වය සහ නිපුණතා සංවර්ධන” දෛදින වැඩමුළුවක් ඊයේ (23) දින පෙළොන්නරුව සුදු අරලිය හෝටලයේ දී ආරම්භ වූ අතර එහි පැවති වෙනත් නිල වැඩසටහනකට සහභාගීවීමට පැමිණි සිටි ජනාධිපතිවරයා මුණ ගැසුණු අවස්ථාවේ දී තම වැඩමුළුව පැවැත්වෙන ස්ථානයට ද කෙටි වේලාවකට හෝ පැමිණෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් හදිසි ඇරයුමක් ජනපතිවරයාට ලැබී තිබුණා.

එම හදිසි ඇරයුම පිළිගත් ජනාධිපතිවරයා අදාළ ස්ථානයට පැමිණ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් සමඟ සුහද කතා බහක නිරත වුණා..

අතීත අත්දැකීම්ද සමඟ ගුණාත්මක සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවාවක් රට තුළ සහතික කළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

image 30
image 30
image 31
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?