සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට පෙරවරුවේ සිට වැඩ වර්ජනයක

හෙට (16) පෙරවරු 6.30 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමට බල කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව මෙම වැඩ වර්ජනයක ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමට රුපියල් 35,000ක දීමනාවක් ලබාදීම පිළිබඳව කඩිනම් සාකච්ඡාවක් ලබාදෙන ලෙසත් සාකච්ඡා මාර්ගයෙන් එම ගැටලුව විසඳිම සඳහා බදිහත්වීම ලබාදෙමින් සෞඛ්‍ය සේවය තුළ ඇතිකරන ලද නොසන්සුන්තාව වලක්වා ගැනීමට කටයුතු කරන ලෙසත් එම වෘත්තීය සමිති සන්ධානය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත දැනුම් දෙනවා.

ඒ, අනුව අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය මත වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේ දී තීරණය කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

වෛද්‍යවරුන්ට ලබාදීමට තීරණය කර ඇති රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව දින කිහිපයක් සිදු කළ වර්ජන ක්‍රියාමාර්ගය පසුගිය 12 වනදා අවසන් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51