සෞඛ්‍ය නිලධාරීන්ගේ කට වැසූ චක්‍රලේඛයට විරෝධය

රජයේ නිලධාරීන් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම හා අදහස් දැක්වීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. ජනක චන්ද්‍රගුප්ත මහතාගේ අත්සනින් යුතු ලිපියක් නිකුත් කර තිබෙනවා.

දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත තොරතුරු ප්‍රකාශ කිරීමට හෝ ජනමාධ්‍ය වෙත තොරතුරු සැපයීමට රාජ්‍ය නිලධාරීන්ට හැකියාවක් නොමැති බවට දැක්වෙන ආයතන සංග්‍රහයේ වගන්ති කිහිපයක් අදාළ ලිපියේ ඇතුලත්.

එසේම එහි අවසාන වශයෙන් සඳහන් වන්නේ එම විධිවිධාන නොසලකා කටයුතු කරන සෞඛ්‍ය සේවාවට අයත් සියලුම නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිදහස සීමා කරමින් නිකුත්කර ඇති චක්‍රලේඛය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන ලෙස පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ වෘත්තීය සමිති හා වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගම්වල නියෝජිතයන් සම්බන්ධයෙන් වන විධිවිධාන, අදාළ චක්‍රලේඛය මගින් නිශ්චිතව පැහැදිළි කර නොමැති බවයි.

මෙම තත්ත්වය තුළ අදාළ චක්‍රලේඛය වෘත්තීය සමිති මර්දනය කිරීම සදහා යොදා ගැනීමට සැලසුම් සහගතව නිකුත් කරන ලද්දක් බවට පෙනී යන බව රවී කුමුදේශ් මහතා සඳහන් කර තිබෙනවා.

Letter


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18