spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සෞඛ්‍ය නිලධාරීන්ගේ කට වැසූ චක්‍රලේඛයට විරෝධය

රජයේ නිලධාරීන් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම හා අදහස් දැක්වීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. ජනක චන්ද්‍රගුප්ත මහතාගේ අත්සනින් යුතු ලිපියක් නිකුත් කර තිබෙනවා.

දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත තොරතුරු ප්‍රකාශ කිරීමට හෝ ජනමාධ්‍ය වෙත තොරතුරු සැපයීමට රාජ්‍ය නිලධාරීන්ට හැකියාවක් නොමැති බවට දැක්වෙන ආයතන සංග්‍රහයේ වගන්ති කිහිපයක් අදාළ ලිපියේ ඇතුලත්.

එසේම එහි අවසාන වශයෙන් සඳහන් වන්නේ එම විධිවිධාන නොසලකා කටයුතු කරන සෞඛ්‍ය සේවාවට අයත් සියලුම නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිදහස සීමා කරමින් නිකුත්කර ඇති චක්‍රලේඛය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන ලෙස පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ වෘත්තීය සමිති හා වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගම්වල නියෝජිතයන් සම්බන්ධයෙන් වන විධිවිධාන, අදාළ චක්‍රලේඛය මගින් නිශ්චිතව පැහැදිළි කර නොමැති බවයි.

මෙම තත්ත්වය තුළ අදාළ චක්‍රලේඛය වෘත්තීය සමිති මර්දනය කිරීම සදහා යොදා ගැනීමට සැලසුම් සහගතව නිකුත් කරන ලද්දක් බවට පෙනී යන බව රවී කුමුදේශ් මහතා සඳහන් කර තිබෙනවා.

Letter
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?