සෞඛ්‍ය ඇමති අද ජිනීවා යයි

ස්විස්ටන්ලන්තයේ ජිනීවා හී දී හෙට (16) ආරම්භ වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුට සහභාගීවීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපීය සමුළුවේ සභාපති වෛද්‍ය නලින්ද ජයතිස්සගේ නායකත්වයෙන් යුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද (15) ජිනීවා බලා පිටත්ව යාමට නියමිතයි.

79 වන ලෝක සෞඛ්‍ය සමුළුව ලබන 16 වන දින ජිනීවා නුවර දී ආරම්භ වන අතර එය ලබන 22වන දින දක්වා පුරා දින 07ක් පැවැත් වෙනවා.

මෙම සමුළුවට සමඟාමීව පැවැත්වෙන සැසි ගණනාවකට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා එක්වීමට නියමිත අතර මැයි 18වන දා ප්‍රධාන සමුළුව ඇමතීමට ද නියමිතයි.

මෙම සමුළුව පැවැත්වෙන කාලපරිච්ඡේදය තුළ සමුළුවට සහභාගී වන භූතානය, තායිලන්තය, බංගලිදේශය ඇතුළු රටවල් ගණනාවක සෞඛ්‍ය අමාත්‍යවරු සමඟ මෙන්ම නිපොන් පදනම ඇතුළු සංවිධාන ගණාවක් සමඟ ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස එක්වනු ඇති.

අමාත්‍යවරයා සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන වෛද්‍ය එස්.ශ්‍රීධරන්, වෛද්‍ය සමිද්ධි සමරකෝන්, අධ්‍යක්ෂ සැලසුම් වෛද්‍ය ජානකී විදාන පතිරණ, අධ්‍යක්ෂ වෛද්‍ය සේවා වෛද්‍ය අයන්ති කරුණාරත්න යන අය ද සමුළුව සඳහා සහභාගී වනවා.

2025 ඔක්තෝම්බර් මස ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුවේ දී එහි සභාපතීත්වයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පත්වුණා.

ඒ, අනුව මෙරට සෞඛ්‍ය විෂය භාර අමාත්‍යවරයා ලෙස මෙන් ම දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපීය සමුළුවේ සභාපතිවරයා ලෙස ද, වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙවර 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව නියෝජනය කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09