සෞඛ්‍ය ඇමති අද ජිනීවා යයි

ස්විස්ටන්ලන්තයේ ජිනීවා හී දී හෙට (16) ආරම්භ වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුට සහභාගීවීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපීය සමුළුවේ සභාපති වෛද්‍ය නලින්ද ජයතිස්සගේ නායකත්වයෙන් යුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද (15) ජිනීවා බලා පිටත්ව යාමට නියමිතයි.

79 වන ලෝක සෞඛ්‍ය සමුළුව ලබන 16 වන දින ජිනීවා නුවර දී ආරම්භ වන අතර එය ලබන 22වන දින දක්වා පුරා දින 07ක් පැවැත් වෙනවා.

මෙම සමුළුවට සමඟාමීව පැවැත්වෙන සැසි ගණනාවකට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා එක්වීමට නියමිත අතර මැයි 18වන දා ප්‍රධාන සමුළුව ඇමතීමට ද නියමිතයි.

මෙම සමුළුව පැවැත්වෙන කාලපරිච්ඡේදය තුළ සමුළුවට සහභාගී වන භූතානය, තායිලන්තය, බංගලිදේශය ඇතුළු රටවල් ගණනාවක සෞඛ්‍ය අමාත්‍යවරු සමඟ මෙන්ම නිපොන් පදනම ඇතුළු සංවිධාන ගණාවක් සමඟ ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස එක්වනු ඇති.

අමාත්‍යවරයා සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන වෛද්‍ය එස්.ශ්‍රීධරන්, වෛද්‍ය සමිද්ධි සමරකෝන්, අධ්‍යක්ෂ සැලසුම් වෛද්‍ය ජානකී විදාන පතිරණ, අධ්‍යක්ෂ වෛද්‍ය සේවා වෛද්‍ය අයන්ති කරුණාරත්න යන අය ද සමුළුව සඳහා සහභාගී වනවා.

2025 ඔක්තෝම්බර් මස ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුවේ දී එහි සභාපතීත්වයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පත්වුණා.

ඒ, අනුව මෙරට සෞඛ්‍ය විෂය භාර අමාත්‍යවරයා ලෙස මෙන් ම දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපීය සමුළුවේ සභාපතිවරයා ලෙස ද, වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙවර 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව නියෝජනය කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33