සෞඛ්‍ය අමාත්‍යංශ පාලනයේ ඇති කිසිදු රෝහලක විදුලිය කැපෙන්නෙ නෑ

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පාලනය වන කිසිදු රෝහලක විදුලිය ඉදිරි මාස දෙකක කාලයක් සඳහා නොකපා සිටීම සඳහා වන සහතිකය විදුලි බල මණ්ඩලය ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සමඟ ඇති කරගත් එකඟතාවකට අනුව මෙම සහතිකය විදුලි බල මණ්ඩලය මගින් ලබා දුන් බවයි ඔහු සඳහන් කළේ.

අද මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා.

කොළඹ ජාතික රෝහලේ හිඟ විදුලි බිල්පත ගෙවීම සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 120ක් ලබා දුන් බව ද ඔහු අනාවරණ කළා.

ආර්ථික අර්බුදයත් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන රෝහල්වල විදුලි බිල්පත් ගෙවීමේ දී මාස හතරක පහක පමණ හිඟයක් ඇතිව තිබෙන බවත් අදාළ හිඟ මුදල් ඉදිරි මාස දෙක ඇතුළත ගෙවීමට කටයුතු කරන බවට ලබාදුන් පොරොන්දුව මත විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා රෝහල්වල විදුලිය විසන්ධි නොකිරීම සඳහා වන එකඟතාවට පැමිණි බව අතිරේක ලේකම්වරයා සඳහන් කළා.

එම එකඟතාවට අනුව මාස දෙකක් ඇතුළත හිඟ විදුලි බිල් ගෙවා දමා ඉන් අනතුරුව සෑම මසකම විදුලි බිල නියමාකාරව ගෙවිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය මුදල් නියමාකාරව ලබාදෙන බවට භාණ්ඩාගාරයෙන් සහතිකයක් ලබා දී තිබෙන බවත් සමන් රත්නායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42