සෞඛ්‍යයේ ගැටලු සොයන්න නියෝජ්‍ය ඇමති හදිස්සියේම ජාතික රෝහලට

කොළඹ ජාතික රෝහලේ රෝගී ප්‍රතිකාර සේවාවන්ට අදාළ සහ අනෙකුත් පරිපාලන කටයුතු පිළිබඳව සොයා බැලීම සහ පවතින ගැටළු සඳහා කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණිගේ ප්‍රධානත්වයෙන් රෝහල් පාලනාධිකාරිය සහ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩල සමග විශේෂ සාකච්ඡාවක් කොළඹ ජාතික රෝහලේ ශ්‍රවණාගාරයේ දී පසුගිය දා පැවැත්වුණා.

මෙහි දී රෝහලේ දැනට පවතින අඩුපාඩු සහ ප්‍රධාන ගැටළු පිළිබඳවත්, උපකරණ, ඖෂධ, මානව සම්පත්, පරිපාලන ආදී අනෙකුත් කරුණු මෙන් ම සංවර්ධන වැඩසටහන්, රසායනාගාර සේවා ගැටළු සහ පැමිණිලි ආදිය පිළිබඳවත් අමාත්‍යවරයා කරුණු සොයා බලමින් කාර්ය මණ්ඩල සමග දීර්ඝව සාකච්ඡාකර තිබෙනවා.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මෙහි දී කියා සිටියේ ජාතික රෝහල සම්බන්ධව දෛනිකව වාර්තා වන ගැටළු වලට අදාළ වන කරුණු සොයා බලා ඒ සඳහා හැකි කඩිනම් විසදුම් ලබාදීම අරමුණු කර‌ගෙන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් මත මෙම හදිසි නිරීක්ෂණය සහ සාකච්ඡාව පැවැත්වීමට කටයුතු කළ බවයි.

ඖෂධ සඳහා වෙනත් වසර වලට වඩා විශාල මුදලක් සහ හදිසි මිල දී ගැනීම් සඳහා ද පෙර වසර වලට වඩා වැඩි මුදලක් වෙන් කළ ද ඖෂධ හිඟ බවට දිගින් දිගටම වාර්තා වන බවත් මීට අමතර උපකරණ ආශ්‍රිත ගැටළු ද නිතර වාර්තා වන බවත් එම කරුණු පිළිබඳ මෙම සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමු කරමින් කරුණු සොයා බැලු බව ද අමාත්‍යවරයා මෙහි දී පවසා සිටියා.

මෙහි දී විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සිය ගැටළු ඉදිරිපත් කළ අතර, නියෝජ්‍ය අමාත්‍යවරයා කඩිනම් විසදුම් ලබාදිය හැකි ගැටළු කිහිපයක් සඳහා විසදුම් ලබා දීමට ඒ මොහොතේම පියවර ගෙන තිබෙනවා.

අනෙකුත් කරුණු පිළිබඳව ද ඉතා ගැඹුරින් සොයා බැලු නියෝජ්‍ය අමාත්‍යවරයා එම ගැටළු හැකි ආකාරයෙන් අවම කරගනිමින් රෝගී ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ද අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම් ලබාදීමට කටයුතුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:33
Video thumbnail
අවු:76ක සා#ඵය ගැන රාජිත ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි..මේක සා#ඵයක්ද ?
11:18
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන රාජිත කළ ප්‍රබල හෙළිදරව්ව - ස##න්ලා මැ#න්නේ නෑ ගෝඨාභයලා බලයට ගේන්න
05:49
Video thumbnail
රනිල් - අනුර අතර සාකච්ඡාවක් තිබුණද ? - රනිල් අනුරට ගොඩක් උදව් කළා
02:07
Video thumbnail
ඉස්සර නාමල්ට වඩා දැන් නාමල් හරි පරිණතයි..මහින්ද කරපු දේම කරන්නේ - නාමල් ගැන හොඳ කිව්ව රාජිත
03:02
Video thumbnail
මරික්කාර්ගේ ප්‍රකාශයට රාජිතගෙන් සැර කතාවක් - මං රටේ කුඩාම පක්ෂයේ ඉදලා දන්නවා
10:57
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:36:43
Video thumbnail
රනිල් ළඟ ඉන්න අයම එයා ගැන දන්නේ නෑනේ - පාර්ලිමේන්තු පැමිණීම ගැන කවියකින්ම කිව්ව රාජිත
03:47
Video thumbnail
රනිල් ගත්ත ණය ගැන කියද්දි රාජිතට යකා නගියි - ණය ගන්න එක කිසිම වැරැද්දක් නෙවෙයි
04:26