සෞඛ්‍යට වෙන් කළ අයවැය ප්‍රතිපාදනවලින් ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලේ

මෙවර අයවැය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (06) පස්වරුවේ පැවැත් වුණා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉදිකිරීම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය හා මානව සම්පත් සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් විමසා බැලීම මෙහිදී සිදු කෙරුණු අතර, ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.

එමෙන්ම, ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට සහ ඖෂධ ප්‍රමිතිගතකරණයට අදාළව මතුව ඇති අභියෝග පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපෝන්සු, කපිල ජනක බණ්ඩාර යන ය සහ මුදල් අමාත්‍යාංශයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?