සෝයා මීටි ව්‍යාංඡන අස්සේ සඟවා බන්ධනාගාර රැඳවියන්ට කුඩු විකුණලා – කාන්තාවක් අත්අඩංගුවට

සෝයා මීටි ව්‍යාංඡනයක් සමඟ මත් කුඩු සඟවා බන්ධනාගාරය තුළට ගෙනයාමට තැත් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කාන්තාව සමඟ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අද (08) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බවයි පොල්ගහවෙල පොලිසිය සඳහන් කළේ.

මෙම කාන්තාව කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවිකුට ලබාදීම සඳහා මෙලෙස ඉතා සූක්ෂම ලෙස සෝයා මීටි ව්‍යාංඡනය හෙරොයින් මත්ද්‍රව්‍ය සඟවා රැගෙන යෑමට සැලසුම් කර තිබෙනවා.

සෝයා මීට් ව්‍යාංජනයේ එක් එක් සොයා මීට් තුළ හෙරොයින් කුඩා පැකට් සඟවා සැකකාර කාන්තාව එය සකසා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාරිය බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ට මෙලෙස මත්කුඩු ලබාදීම සිදුකර ඇති අතර, ඇයගේ ජංගම දුරකථනයට මත්කුඩු ලබාගැනීමට බන්ධනාගාරය තුළින් ඇමතුම් ලැබී ඇති බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

පොල්ගහවෙල, කුලීපිටිය ප්‍රදේශයේ සැක කටයුතු කාන්තාවක් සිටින බවට පොල්ගහවෙල පොලිසියේ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ඇය සහ තවත් පුද්ගලන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් සහ පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 50 සහ 40 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක්.

පොලිසිය සඳහන් කළේ සෝයා මීටි ව්‍යාංඡනය තුළ හෙරොයින් ග්‍රෑම් 02 මිලි 370ක් සඟවා තිබිය දී හමු වූ බවයි.

මේ අතර සැකකාර කාන්තාවගේ සැමියා ද හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලබා බන්ධනාගාර ගතව සිටින බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05