සොලමන් දූපත්වලට දෙන  දීර්ඝ කාලීන චීන ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ කනස්සල්ල

ඔස්ට්‍රේලියාව සහ චීනය පසුගිය වසර කිහිපයේදී පැසිෆික් රටවල් සමඟ ආරක්ෂක සහයෝගීතාව වෙනුවෙන් වඩාත් ප්‍රබල උපාය මාර්ග අනුගමනය කර තිබුණා.

ෆයිනෑන්ෂල් පෝස්ට් පුවත්පත වාර්තා කළේ  එහි ප්‍රතිඵලයක් ලෙස සොලමන් දූපත් වෙත චීනයේ  වැඩි අවධානයක් යොමු වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව චීනයට  කනස්සල්ල පළ කිරීමත් සමඟ තත්ත්වය  වඩාත් නරක අතට හැරී තිබෙනවා. 2022 මාර්තු  මාසයේදී ඇති කරගත් බීජිං – හොනියාරා(චීන-සොලමන්ස් දූපත්)  ආරක්ෂක ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස ක්වීන්ස්ලන්ත වෙරළේ සිට කිලෝමීටර් 2,000කට  ආසන්නයේ  නාවික ස්ථාපනයන් ගොඩනැගීමට පදනම වැටීමට නියමිතයි.

ෆයිනෑන්ෂල් පෝස්ට් වාර්තා කළේ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් අර්ධ ස්වයංක්‍රීය අවි 60ක් සහ වාහන 13ක් පසුගිය නොවැම්බර් මස මුලදී රාජකීය සොලමන් දූපත් පොලිස් බලකායට පරිත්‍යාග කර ඇති බවයි.

චීනය ජල ප්‍රහාරක ට්‍රක් රථ දෙකක්, යතුරුපැදිකරුවන් තිහක් සහ SUV රථ  විස්සක් ඉන් දින දෙකකට පසුව ලබා දී තිබුණා.

2023 පැසිෆික් ක්‍රීඩා උළෙල  වසර අගභාගයේදී සොලමන් දූපත් හි පැවැත්වීමට නියමිත අතර එහිදී ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ගැටලු  තවත් උග්‍ර විය හැකි බවටයි මත පළවන්නේ.

එකම වසරකදී ක්‍රීඩා උළෙල සහ මැතිවරණය යන දෙකටම  පිරිවැය දැරීමට  සිදු වීම හේතුවෙන් 2023 සිට 2024 දක්වා එරට මහ මැතිවරණය කල් දැමීමට සොලමන් දූපත් පාර්ලිමේන්තුව තීරණය කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදයද පළ වූ අතර විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් එහිදී  චෝදනා එල්ල කළේ එරට අගමැතිවරයාටයි. ක්‍රීඩා පහසුකම් ඇති බවට බලධාරීන්  ප්‍රකාශ කර ඇති බැවින් එයද පෙලපාලි පැවැත්වීමට තවත් වේදිකාවක් බවට පත්වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

එවැනි නොසන්සුන්තාවකදී, ආරක්ෂක සහාය ලබා දෙන ලෙස  සොලමන් දූපත් බලධාරීන් චීනයෙන් ඉල්ලා සිටීමේ අවදානමක්ද මතුව තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ අනාගතයේදී ලිතියම් වැනි ලාභදායී අපනයනයන් ලෙස අපේක්ෂා කරන දේ සීමා කිරීමට ඕස්ට්‍රේලියාව කටයුතු කිරීමේ සම්භාවිතාවක්ද  මතුව තිබෙනවා.

ලිතියම් යනු විදුලි මෝටර් රථ බැටරිවල තීරණාත්මක අංගයක් වන අතර එය ටෙස්ලාහි ප්‍රධාන විධායක නිලධාරී ඉලෝන් මස්ක්  විසින් හදුන්වා දී ඇත්තේ  “නව ඉන්ධන ” ලෙසයි. මෙම භාණ්ඩ නිෂ්පාදනයේ ගෝලීය ප්‍රමුඛයා චීනයයි.

චීනය ඕස්ට්‍රේලියාවේ ලිතියම් ව්‍යාපාරයේ සැලකිය යුතු ආයෝජකයෙකු වන අතර, රටේ ප්‍රධාන පතල් තුනක හිමිකාරීත්වය මෙන්ම එරට ප්‍රථම පූර්ණ ස්වයංක්‍රීය ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් සැකසුම් පහසුකමටද හිමිකම් කියනවා. ඔස්ට්‍රේලියාවේ ලිතියම් අපනයනයෙන් සියයට 95ක් පමණ මිලදී ගන්නේද චීනයයි.

මෙ අතර ආරක්ෂාව පිළිබඳ අවධනය යොමු කරමින්  කැනේඩියානු රජය නොවැම්බර් මස මුලදී කැනේඩියානු ලිතියම් පතල් කැණීමෙන් ඉවත් වන ලෙස චීන සමාගම් තුනකට නියෝග කර තිබුණා.

වැදගත් ඛනිජ සැපයුම් දාමයන් සම්බන්ධයෙන් චීනයේ ආධිපත්‍යයට ප්‍රතිචාර වශයෙන් කැනඩාව, යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය ලිතියම් උපායමාර්ගික ඛනිජයක් ලෙස හැඳින්වීමට පියවර ගනු ලැබුවා.

චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙයට කෝපයෙන් ප්‍රතිචාර දක්වමින් පැවසුවේ  “කිසිවෙකු ආර්ථිකය දේශපාලන මෙවලමක් හෝ ආයුධයක් ලෙස භාවිත නොකළ යුතු” බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39