සොරාගත් ජංගම දුරකථන ටික ටික ගෙවන්න විකුණද්දී මාට්ටු (වීඩියෝ)

හංවැල්ල නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකින් සොරාගත් ජංගම දුරකථන තොගයක් පහසු ගෙවීමේ ගෙවීමේ ක්‍රමය මත විවිධ පුද්ගලයන්ට අලෙවිකළ පුද්ගලයකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථන මෙලෙස සොරාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අදාළ ජංගම දුරකථන වෙළඳසැලට යාබද වෙළඳසැලක ඉදිකිරීම් කටයුත්තක් සඳහා පැමිණ ඇති සැකකරු, ජංගම දුරකථන වෙළඳසැලේ පිටුපස දොර අනාරක්ෂිත තිබෙන බවට අවබෝධ කරගැනීමෙන් අනතුරුව මෙම සොරකම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස සොරාගත් ජංගම දුරකථන සැකකරු විසින් අවිස්සාවේල්ල, කොස්ගම සහ සාලාව ආදී ප්‍රදේශවල පුද්ගලයින්ට පහසු ගෙවීමේ පදනම මත අලෙවිකර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 41 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු කලුඅග්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු සොරකම සිදුකරන අයුරු සී.සී.ටී.වී. කැමරාවේ සටහන්ව තිබුණේ මෙලෙසින්..

https://youtu.be/riwc2f60Z3g
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44