සොරකම් කළ යතුරුපැදි තොගයක් සමඟ සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට

යතුරුපැදි සොරකම් කිරීමේ නිරත කණ්ඩායමක පුද්ගලයන් සිව්දෙනෙකු පොලිස් බල ප්‍රදේශ කිහිපයක දී සොරකම් කළ රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා යතුරුපැදි රැසක් සමඟ අත්අඩංගුවට ගැනීමට ගල්නෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත් වුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ සැකකරුවන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී යතුරුපැදි 096ක් ඔවුන් සතුව තිබී සොයාගත් බවයි.

ගල්නෑව පොලිස් ස්ථානයේ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ගේ තොරතුරකට අනුව ගල්නෑව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් අදාළ මෙහෙයුම සිදු කරනු ලැබුවා.

ඉපලෝගම ප්‍රදේශයෙන් ඉකුත් වසරේ දී මෙම යතුරුපැදි සොරාගෙන ඇති අතර ඊට ව්‍යාජ අංක තහඩු ද යොදා තිබෙනවා.

මෙම යතුරුපැදි තොගය හමුව ඇත්තේ තඹුත්තේගම – නවසිරිගම ප්‍රදේශයේ නිවසකින් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් තඹුත්තේගම, රාජාංගණය, කටියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් එහි ප්‍රධාන සැකකරු 27 හැවිරිදි අයෙක් බවත් හෙළි ව තිබෙනවා.

යතුරුපැදි සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති එම සැකකරුවන් සිව්දෙනා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18