Empty Ad
AFC Banner
Empty Ad

සේවිකාවන් ඉදිරියේ අසෝබන වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් සේවයෙන් දොට්ට

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කර ඇති බව පාර්ලිමේන්තු මහ ලෙක්ම කාර්යාලය නිවේදනය කරනවා.

මේ සම්බන්ධයෙන් අදියර කිහිපයක් යටතේ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම සේවකයින් තිදෙනා වැරදිකරුවන් ලෙස තහවුරු වී තිබෙනවා.

අනතුරුව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීරගේ නිර්දේශ මත එම සේවකයින් තිදෙන‍ා සේවයෙන් පහ කිරීම සඳහා කතානායක ජගත් වික්‍රමරත්න පසුගියදා අනුමතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු සේවිකාවන්ට 2021 සහ 2022 කාල පරිච්චේදයේදී ලිංගික හිංසනයන් වීම සම්බන්ධයෙන් පුවත්පතක 2023 ජූලි 30 සහ 2023 අගෝස්තු 02 දින කරුණු වාර්තාවීමෙන් අනතුරුව එවකට කතානායකවරයාගේ ද උපදෙස් මත මේ සම්බන්ධව
විමර්ශනය කිරීම සදහා ත්‍රිපුද්ගල අභ්‍යන්තර විමර්ශන කමිටුවක් 2023.08.04 දින එවකට පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය විසින් පත් කරනු ලැබුවා.

මෙම කමිටුවේ විමර්ශන අතරතුර දී පාර්ලිමේන්තු සේවකයින් දෙදෙනෙකු වැඩ තහනමට ලක් කොට තිබූ අතර, එම විමර්ශන කමිටු වාර්තාව 2023.08.23 දින පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය වෙත ලැබී තිබෙනවා.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබාගැනීම සදහා එය නීතිපතිවරයා වෙත යොමු කරන ලද අතර, නීතිපති දෙපාර්තමේන්තුවෙහි උපදෙස් මත මීට අදාළ පරීක්ෂණය පොලිස්පතිතුමා මඟින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පවරා තිබුණා.

මේ අතර පොලිස් විමර්ශන අනුව තවත් පාර්ලිමේන්තු සේවකයෙකු අත්අඩංගුවට ගැනුණු අතර, 2024.01.30 දින එම සේවකයාද වැඩ තහනමට ලක් කිරීමටයි කටයුතු කර තිබුණේ.

මේ අනුව මීට අදාළ චෝදනා ගොනුකිරීමෙන් අනතුරුව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස චූදිත නිලධාරීන් විසින් කරන ලද ඉල්ලීම මත නෛතික විධිවිධාන ප්‍රකාරව විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීම පිණිස විශ්‍රාමලත් මහාධිකරණ
විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන පත් කළා.

මෙම විනය පරීක්ෂණයේ අවසන් වාර්තාව පසුගිය 2024.12.23 වැනිදා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර වෙත භාරදුන් අතර, එය පදනම් කර ගනිමින් අදාළ සේවකයින් තිදෙනා වැඩ තහනමට ලක්වූ දින සිට සේවයෙන් පහකිරීමට කතානායකවරයාට කරන ලද නිර්දේශය අනුව මේ වන විට සේවයෙන් පහ කිරීමට මෙලෙස කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | ජාතික ජන බලවේගයේ චන්ද්‍රමාලි පෙරේරා සහ සමගි ජන බලවේගයේ නිරෝෂා අතුකෝරාළ සහභාගීවන කස්තිරම
01:22:59
Video thumbnail
මාධ්‍යවේදීයෙකුට ජීවිත තර්ජනය කරපු ව්‍යාපාරිකයගේ සියලුම පැටිකිරිය මෙන්න - වැඩේට පොලීසියත් හවුල් ?
07:26
Video thumbnail
රටක තීරණ ගන්න තැන කාන්තාව සිටිය යුතුයි
00:23
Video thumbnail
ඉස්සර කාන්තා අයිතිවාසිකම් වලට පාරට බැස්සාම සැලකුවේ කඳුලු ගෑස් වලින්
05:58
Video thumbnail
කාන්තාවෝ අපරාධ කරන්න පෙළඹෙනවා හරි අඩුයි
09:22
Video thumbnail
තිස්ස සීයාට කියපු කතාව
00:07
Video thumbnail
මේක තවත් - සොමාලියාවක් - ඉතියෝපියාවක් කරන්න එපා - ආණ්ඩුව හාන්සි කරවපු සුපිරිම කතාව
06:09
Video thumbnail
නලින්ද ජයතිස්ස දේශබන්දුට අනතුරු අඟවයි - "කරුණාකරලා ඇවිල්ලා බාර වෙන්න"
01:17
Video thumbnail
මුස්ලිම් ප්‍රජාව අතර ආණ්ඩුව ෆේල් ?
02:15
Video thumbnail
රනිල් අල්ජසීරා එක්ක කරපු interview එකනම් මම දැක්කේ නෑ
02:10

?