spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සේවය කරන ආයතනය බිඳ කොල්ලකෑ සේවකයන් පස්දෙනා අල්ලයි (ඡායාරූප)

රූපලාවණ්‍ය සහ සැලොන් උපකරණ නිෂ්පාදනය කර ශ්‍රී ලංකාව තුළ සහ ලොව පුරා රටවල් ගණනාවකට අලෙවි කරන දේශීය ව්‍යවසායෙකුගේ කර්මාන්තශාලාවක් බිඳ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා නිෂ්පාදිත භාණ්ඩ සොරා ගෙන ගොස් ඇති බවට වාර්තා වනවා.

කටාන පොලිසිය පැවසුවේ; මෙම සොරකම පසුගිය 04 වැනිදා රාත්‍රියේ දී සිදු ව ඇති බවයි.

මෙහි නිෂ්පාදිත භාණ්ඩ මෙරට ප්‍රදර්ශනාගාර 10ක් මගින් අලෙවි කිරීම සිදු කෙරෙන අතර කැනඩාව , ඔස්ට්‍රේලියාව, මාලදිවයින ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක අලෙවි කිරීම සඳහා අපනයනය කිරීම සිදු කෙරෙනවා.

එහි සේවය කරන සේවකයින් 05 දෙනෙකු එක් ව මෙම කොල්ලකෑම සිදු කර ඇති බවයි හෙළි ව ඇත්තේ.

කොල්ලකරුවන් සොරකම් කළ භාණ්ඩ තොගය කොටස් වශයෙන් කෑලිවලට ගලවා සොරාගෙන ගොස්, පසුව අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ක්‍රමයට, ඉතා අඩු මිල ගණන් යටතේ අලෙවි කිරීම සිදු කර තිබෙනවා.

සිදු කරන ලද දීර්ඝ විමර්ශනවලින් අනතුරුව කටාන පොලිසිය විසින් අදාළ සැකකරුවන් 05 දෙනා ව ඔවුන් මාර්ගගත ක්‍රමයට භාණ්ඩ අලෙවි කිරීමට සූදානම් ව සිටියදියි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සේවකයින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

20231109 102848 scaled
20231109 102857 scaled
20231109 104925 scaled
20231109 104950 scaled
20231109 104953 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?